மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

WhatsApp Image 2023 04 25 at 11.39.08 AM 1  කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභ සාධක සංගමය මඟින් සංවිධානය කල " 2023 " සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල අප්‍රේල් (22) දා උත්කර්ෂවත් අන්දමින් පවත්වයි...

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභ සාධක සංගමය මඟින් සංවිධානය කල " 2023 " සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 05 ඩඩ්ලි සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් අප්‍රේල් (22) දා  පැවැත්විණි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමන්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මැතිතුමන් සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ගරු අග්‍රාමාත්‍යතුමාගේ පුද්ගලික සහකාර උපදේශක සිසිර වික්‍රමාරච්චි මහතා ඇතුළු කලා ක්ෂේත්‍රය නියෝජනය කරමින් උදේනි අල්විස්, කුසුම් පිරිස්, මෙලනි අශෝකා යන මහත්ම මහත්මීන් විශේෂ ආරාධිතයින් ලෙස මෙම අවස්ථාවට එක්වුහ. 

ජන ක්‍රීඩා රැසකින් හා ජන ගායනා වලින් මෙම අවුරුදු උළෙල වර්ණවත් විය. ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රධානය කිරීම ද එම ආරාධිත පිරිස විසින් සිදුකරන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු අංශ නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර එදින දවස පුරා සුන්දර බක්මහ උළෙලක අසිරිය විඳගැනීමට හැකියාව ලැබිණි.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
WhatsApp Image 2023 04 25 at 11.39.08 AM   WhatsApp Image 2023 04 25 at 11.39.09 AM   WhatsApp Image 2023 04 25 at 11.39.20 AM 1   WhatsApp Image 2023 04 25 at 11.39.29 AM
 
WhatsApp Image 2023 04 25 at 11.39.37 AM 2   WhatsApp Image 2023 04 25 at 11.39.38 AM   WhatsApp Image 2023 04 25 at 11.39.43 AM   WhatsApp Image 2023 04 25 at 11.39.44 AM 1
 
WhatsApp Image 2023 04 25 at 11.39.25 AM 1    WhatsApp Image 2023 04 25 at 11.39.27 AM

WhatsApp Image 2023 04 21 at 10.22.27 AM    “ නැකතට පැළයක් - ඵලයක් දෙන පැළයක් සිටුවමු ” තේමාව යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙවර නැකතට පැළ සිටුවීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් නිල නිවසේදී ඊයේ (20) සිදුකෙරිණි.

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත ඊයේ දිනට යෙදී තිබුණු අතර එම නැකතේදී බහුවාර්ෂික බෝග පැළ රෝපණය කිරීම එයට සමගාමිව සිදු කරන ලදී. රටේ ආහාර නිෂ්පාදනය හා පරිසර හිතකාමීත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් "ඵලයක් දෙන පැළයක් සිටුවමු" යන තේමාව යටතේ මෙම රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.පී.එස්. අශෝක කුමර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවිය.

 

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2023 04 21 at 10.22.28 AM   WhatsApp Image 2023 04 21 at 10.22.28 AM 1  WhatsApp Image 2023 04 21 at 10.22.30 AM   WhatsApp Image 2023 04 21 at 10.23.58 AM

 

WhatsApp Image 2023 04 21 at 10.24.01 AM    WhatsApp Image 2023 04 21 at 10.24.02 AM    WhatsApp Image 2023 04 21 at 10.24.06 AM   WhatsApp Image 2023 04 21 at 10.24.07 AM

WhatsApp Image 2023 03 27 at 10.23.47 AMඅතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක 2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ රජයේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදාදීමේ, කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන් අද(26) දින දෙමටගොඩ, නාරාහේන්පිට හා වැල්ලවත්ත යන ප්‍රදේශවලදී පැවැත්විණි.
ඒ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එම්.පී. රත්නායක, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලභී පවුල් 112,433 ක් සඳහා, මාසකට කිලෝ 10 බැගින් මාස දෙකක් පුර නොමිලේ සහල් බෙදා දෙනු ලැබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය පුර විහිදී සිටින අඩු ආදායම්ලභී පවුල් වෙත ඉදිරි දින කිහිපය තුල මෙම සහල් බෙදා අවසන් කිරීමට නියමිත අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිෂ්පාදිත සහල් මෙලෙස බෙදාදීමට සැලසුම් කර ඇත. 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
WhatsApp Image 2023 03 27 at 10.23.28 AM.    WhatsApp Image 2023 03 27 at 10.23.45 AM.     WhatsApp Image 2023 03 27 at 10.23.48 AM.  WhatsApp Image 2023 03 27 at 10.24.13 AM
WhatsApp Image 2023 03 27 at 10.09.17 AM 1බේරේ වැව ආශ්‍රිත සංචාරක කාලපයක් ස්ථාපිත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල බේරේ දූපතේදී ලෝක ජල දිනය ලෙස යෙදී තිබෙන මාර්තු 22 එනම් ඊයේ දිනයේදී පැවැත්විණි.
 
බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය සංචාරක කාලපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා වන වැඩසටහනට සමගාමිව එහි පවතින තත්වය නිරීක්ෂණය කිරීම සඳහා  දිසාපතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක පසුගිය පෙබරවාරි 09 දා යෙදී තිබිණි. එහිදී බේරේ දුපත අවට පරිසරය පිරිසිදු කර සංවර්ධනය කිරීම සඳහා තීරණය කෙරුණු අතර එහි මුලික වැඩකටයුතු පසුගියදා ආරම්භ කරන ලදී. බේරේ දූපතට පිවිසීමට ඇති පාලම අලුත්වැඩියා කිරීම ඇතුළු එම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
මෙම සාකච්ඡාව සඳහා ගරු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් වී.එම්.පෙරේරා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා, කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව, DIMO Lanka, යන ආයතන නියෝජනය කරන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවිය.
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
WhatsApp Image 2023 03 27 at 10.09.19 AM    WhatsApp Image 2023 03 27 at 10.09.19 AM 2    WhatsApp_Image_2023-03-27_at_10.09.17_AM_1.jpg.  
WhatsApp Image 2023 03 27 at 10.09.18 AM.     WhatsApp Image 2023 03 27 at 10.09.15 AM   WhatsApp Image 2023 03 27 at 10.09.17 AM

உட்பிரிவுகள்