பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
2022 සිව්වන කාර්තුවට අදාළ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැත්විණි.එහිදී පසුගිය වාර්තාවන් වල වර්තමාන ප්‍රගතිය, රාජ්‍ය සේවකයින් ලබාගෙන ඇති ණය ආපසු අයකරගැනීම සම්බන්දව, ණය අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රාදේශීය විගණන හා කළමනාකරණ කමිටු වලින් පැන නැඟුණු ගැටළු ඇතුළු කරුණු රැසක් පිළිබඳ දීර්ඝ ලෙස සකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, ගණකාධිකාරී රුවිනි ඩී. ජයසේන, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩබ්.එෆ්.ඩි.පී. ප්‍රනාන්දු, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන අභ්‍යන්තර විගණක කේ.ඒ.ඩි. වසන්ත කුමාර, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.පී.එස්. අශෝක කුමාර, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -


මාධ්‍ය නිවේදනයයි.
2022.12.19
ප්‍රවෘත්ති කර්තෘ / ප්‍රවෘත්ති සංස්කාරක,
"ලබන වසර තුළ පවුල් 14200 ක් දුප්පත්කමින් මුදවා ගැනීමේ සැලැස්මක්"
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියයි
සෑම ග්‍රාම සේවා වසකම සිටින දුගී දුප්පත් පවුල තෝරා එම පවුල ඉන් මුදවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ලබන වසරේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනෙහි ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට පසුගියදා එක්වෙමිනි.
ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව පවුල් 14200 දුප්පත්කමින් මුදවා ගැනීම මෙහි අරමුණයි. දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා උපදෙස් ලබා දුන්නේ ලබන ජනවාරි වනවිට තම බල ප්‍රදේශයේ දුප්පත් පවුල් තෝරාගෙන තමාට වාර්තාවක් ලබාදෙන ලෙසයි. එම තෝරාගත් පවුල් ලබන වසර අවසන් වන විට දුප්පත් කමින් මුදවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට නියමිතයි.
එම තෝරාගත් පවුල් දුප්පත්කමින් මුදවා ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරු අමාත්‍යාංශ ලේකම් සමග ගිවිසුමකටද එළඹීමට නියමිතයි.
මීට අමතරව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ඨාශයකින් නව ව්‍යවසායකයින් දසදෙනෙකු තෝරාගෙන ඔවුන් නගා සිටුවීමට වැඩපිළිවෙළක් සකසන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී උපදෙස් දෙන ලදී. මෙම වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් එම තනතුරු වලින් ඉවත් වීමට කිසිදු බාධාවක් නොමැති බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය

කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කල “2022 දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලිය” අවසානය සනිටුහන් කරමින් ජයග්‍රාහකයින් හට වර්ණ හා ජය සංකේත ප්‍රධානය කල "වර්ණ රාත්‍රිය" ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේ දී දෙසැම්බර් (02) දා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, ගරු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන මැතිතුමන් ඇතුළු අරවින්ද සිල්වා, නුවන් සොයිසා, චමින්ද වාස්, කාලික වසන්තප්‍රිය ඇතුළු විවිධ ක්‍රීඩාවන් නියෝජනය කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙනගිය ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් හා රෝහණ බෝගොඩ මහතා, රෝහණ සිරිවර්ධන මහතා, නිරංජලා සරෝජිනී මහත්මිය ඇතුළු කලා කරුවන් පිරිසක් ද මේ සඳහා සහභාගිවිය.
කොළඹ දිස්ත්‍රික් වංශකතාවේ ප්‍රාදේශීය පරිපාලනයේ අලුත් සටහනක් එකතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1480 කගේ පමණ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ක්‍රීඩා තරගාවලියේ අරමුණ ක්‍රීඩාව තුලින් සාමුහික කණ්ඩායම් හැඟීම් වර්ධනය, සුහදතාවය වර්ධනය, නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්වය වර්ධනය හා ඒ තුලින් මහජනතාවට හිතැති කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වාගැනීම බවත් ඒ සඳහා රාජ්‍ය මුදල් භාවිතා නොකර මෙම වැඩසටහන සංවිධානය කල බවත් දිසාපතිතුමන් විසින් මෙහිදී ප්‍රකාශ කළේය.
තරගාවලිය අවසානයේ ජයග්‍රාහකයන් 286ක් සහ වර්ණ ලාභීන් 200ක් සුදුසුකම් ලබා සිටි අතර ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාණ්ඩලික නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙනගිය ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කලාකරුවන්ගේ සුරතින් එම වර්ණ හා ජය සංකේත පිරිනැමීම එදින සිදුකෙරිණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේම සංකල්පයක් මත ක්‍රියාත්මක කල " Voice of Colombo " තරඟයේ ජයග්‍රාහකයින්ගේ ගීත වලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු නිලධාරින්ගේ නර්ථනයන්ගෙන් වැඩසටහන විචිත්‍රවත් විය. මනෝජ් පිරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්ධය සංගීතය සපයනු ලැබිණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ දැඩි කැපවීම හා නායකත්වය මත, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගයෙන් පුරා මාස ගණනක් පැවැත්වූ විශිෂ්ඨ ක්‍රීඩා තරගාවලියක නිමාව එදින වර්ණ රාත්‍රියේ දී අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වර්ණවත් ලෙස සනිටුහන් කෙරිණි.







- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -




කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “දිසාපති කුසලාන” කොළඹ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්‍රීඩා තරඟාවලියේ අවසන් ඉසව් ලෙස ජවන හා පිටිය ක්‍රීඩා තරග කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් අයුරින් ඊයේ (13) දින පැවැත්විණි.කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මලල ක්‍රීඩා උළෙල ජවන හා පිටිය තරග රැසකින් වර්ණවත් විය. මලල ක්‍රීඩා තරඟාවලියේ උණුසුම් තරඟ රැසක ජය හිමිකරගනිමින් එම තරඟාවලියේ ශූරතාවය තමන් සතුකරගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වෙද්දී අනුශුරතාවය පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමිකරගත්හ.
පුරා දින ගණනක් දිසාපතිතුමන්ගේ දැවැන්ත ශක්තිය හා මගපෙන්වීම යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පුර්ණ සහයෝගයෙන් යුතුව ක්‍රියාත්මක වූ දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශුරතාවය අභිමානවත් ලෙස තමන්ගේ නම ඉදිරියේ සනිටුහන් කරගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ සමත් විය. සමස්ත ක්‍රීඩා උළෙලේ අනු ශුරතාවය හිමිකරගත්තේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනි.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -





















