பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
කොළඹ දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම - සිව්වන කාර්තුව සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම අද (19) දින කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හත්වන මහළ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන කටයුතු පසු විපරම් කිරිම, විගණකාධිපති විගණන විමසුම් පසුවිපරම් කිරිම, 2025 වර්ෂයට අදාළ අභ්‍යන්තර විගණන සැලැස්ම ඉදිරිපත් කිරිම සහ අනුමැතිය ලබා ගැනීම යන කරුණු පිළිබඳව සාකච්ජා කෙරිණ.
මේ සඳහා කළමනාකරන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණනක, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින් සහභාගි විය.



විවාහ අපේක්ෂිතයින් සඳහා පූර්ව විවාහ උපදේශන ලබාදීම සඳහා විවාහ රෙජිස්ට්‍රාවරුන් හා උපදේශන නිළධාරින් බල ගැන්වීමේ පුහුණු වැඩමුළුව දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදී අද (17) දින දවස පුරා පැවැත්විණි.
විවාහය සම්බන්ධව ප්‍රජනන සෞඛ්‍ය හා සෞඛ්‍ය සේවා වෙත යොමු වීමේ වැදගත්කම පිළිබඳව ගම්පහ වික්‍රමරාච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ භාහිර කථිකාචාර්ය සයෝරා හෙල්ත් කෙයා පුදගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සචිනි අත්තනායක මිය විසින් සිදුකල අතර විවාහය සම්බන්ධ මානසික සෞඛ්‍ය හා පූර්ව විවාහ උපදේශනයේ වැදගත්කම පිළිබඳව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් උපදේශක නිළධාරි නිමල්සිරි රණසිංහ මහතා විසින් පවත්වන ලදී. ගෘහස්ථ හිංසනය හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කාන්තා පිහිට ආයතනයේ නීතිඥ ශානිකා විජේසිංහ මිය විසින් පවත්වනු ලැබීය.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුවේ ප්‍රතිපාදන මත සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා විවාහ රෙජිස්ට්‍රාවරුන්, දිස්ත්‍රික් අතිරේක විවාහ රෙජිස්ට්‍රාවරුන් හා උපදේශන නිළධාරින් 150 කට ආසන්න පිරිසක් සහභාගි විය.







රාජ්‍ය ආයතන සඳහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය හඳුන්වාදීමේ අරමුණින් Sri Lanka CERT ආයතනය මගින් සංවිධානය කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන Sri Lanka CERT ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරි - නිරෝෂ ආනන්ද මහතා, ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු - චාරුක දමුණුපොල මහතා සහ සයිබර් ආරක්ෂණ ධාරිතාව ගොඩනැගීම, පර්යේෂණ, ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති කළමනාකරු - තිළිණ දිසානායක මහතා විසින් සම්පත් දායකත්වයෙන් 2024.12.12 (අද) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.
මේ සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) තුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියළුම අංශ හා කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ විෂයයට සම්බන්ධ නිලධාරීන් 75ක් පමණ සහභාගී විය.
එහිදී, දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවලට මුහුණ පෑමට සිදුවන සයිබර් ප්‍රහාර හා ඒ සම්බන්ධයෙන් රැගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, තවදුරටත් රාජ්‍ය ආයතන විසින් සයිබර් ප්‍රහාරයකදී කටයුතු කළයුතු ආකාරය මෙන්ම සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරාක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමද සිදුකරන ලදී.





කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් හා සම්පත් දායකත්වය ඇතුව සර්වෝදය හා Save the Children රාජ්‍ය නොවන සංවිධාන වල මූල්‍ය ප්‍රතිපාදන මත කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරන්තර ජලගැලීම් ආපදා තත්ත්වයට ලක්වන හංවැල්ල නගරය ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජාව වෙනුවෙන් හදිසි ගංවතුර ආපදා අවස්ථාවකදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ලබාදෙන පුර්ව අනතුරු දැනුම් දීමකදී ආරක්ෂිතව සුරක්ෂිත මධ්‍යස්ථානයක් කරා ඉවත් වීමේ පෙරහුරුව සරඹයක් 2024.11.30 වන දින ඉතා සාර්ථකව පැවැත්වීය.
එහිදී ප්‍රජාව වෙත පූර්ව අනතුරු දැනුම් දීමක් ලද විගස ක්‍රියාත්මක විය යුතු ආකාරය, ඉතා කෙටි වේලාවක් තුළ ආරක්ෂිත ගමන් මාර්ග ඔස්සේ සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත ගමන් කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පෙරහුරුවක් ලබා දෙන ලදී.
මේ සඳහා සීතාවක ප්‍රාදේශීය ලේකම්තුමිය, ආපදා සහන සේවා නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය සහ සහයෝගය ලබා දෙන ලදී.

























