කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් හා සම්පත් දායකත්වය ඇතුව සර්වෝදය හා Save the Children රාජ්‍ය නොවන සංවිධාන වල මූල්‍ය ප්‍රතිපාදන මත කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරන්තර ජලගැලීම් ආපදා තත්ත්වයට ලක්වන හංවැල්ල නගරය ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජාව වෙනුවෙන් හදිසි ගංවතුර ආපදා අවස්ථාවකදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ලබාදෙන පුර්ව අනතුරු දැනුම් දීමකදී ආරක්ෂිතව සුරක්ෂිත මධ්‍යස්ථානයක් කරා ඉවත් වීමේ පෙරහුරුව සරඹයක් 2024.11.30 වන දින ඉතා සාර්ථකව පැවැත්වීය.
එහිදී ප්‍රජාව වෙත පූර්ව අනතුරු දැනුම් දීමක් ලද විගස ක්‍රියාත්මක විය යුතු ආකාරය, ඉතා කෙටි වේලාවක් තුළ ආරක්ෂිත ගමන් මාර්ග ඔස්සේ සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත ගමන් කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පෙරහුරුවක් ලබා දෙන ලදී.
මේ සඳහා සීතාවක ප්‍රාදේශීය ලේකම්තුමිය, ආපදා සහන සේවා නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය සහ සහයෝගය ලබා දෙන ලදී.


























