பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
සුබසාධන ප්‍රතිලාභ අයදුම්කරුවන්ගේ ක්ෂේත්‍ර තොරතුරු ලබා ගැනීමට අදාළ සංගණන පුහුණු වැඩමුළුවේ 2වන අදියර යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති සංඛ්‍යාලේඛන ක්ෂේත්‍ර නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ප්‍රජීව හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.12.29 දින දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේදී පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් පුහුණුකරුවන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැති මෙම පුහුණු වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 නියෝජනය කරමින් සංඛ්‍යාලේඛන නිළධාරින්, දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ මූලස්ථාන සංඛ්‍යාලේඛන නිලධාරින් ඇතුළු කාර්යාල නිළධාරින් සහභාගි විය.




දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන හෝම් ස්කූලින් සංකල්පය යටතේ ළමුන් පාසල් නොයවා නිවසේ සිට ඉගැන්වීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම, අඩු වයස් ළමුන් ගැබ් ගැනීම් පිළිබඳව දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරිම, කලාප මට්ටමේ අනිවාර්යය අධ්‍යාපන කමිටු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම, මාසිකව පැවැත්වෙන කලාප විදුහල්පති රැස්වීමට ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින්ට සහභාගී වීමේ යාන්ත්‍රණය විධීමත් කිරීම, අධ්‍යාපන ක්ෂත්‍රයේ කලාප මට්ටමේ පවතින ගැටළු හඳුනා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණ.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (නොවිධිමත්), පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ, නුගේගොඩ, මරදාන, කොළඹ උතුර පොලිස් හා කාන්තා කාර්යාංශවල පොලිස් ස්ථානාධිපතිවරුන්, දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධනය නිළධාරි, ස්ථානභාර පරිපාලන නිළධාරි (බත්තරමුල්ල), කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින්, ළමා ආරක්ෂක නිළධාරින්, මුල් ළමාවිය සංවර්ධන සහකාරවරුන්, පරිවාස නිළධාරින්, කම්කරු නිළධාරින් සහභාගි විය.



ස්ව ශක්ති බල මණ්ඩල හා සමාජසේවා නිළධාරින්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (26) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව දිස්ත්‍රික් ස්ව ශක්ති බල මණ්ඩල රැස්වීමේදී, ස්ව ශක්ති සංවිධානයේ අරමුදල තර කර ගැනීම, ස්ව ශක්ති අභිමානී තරගාවලියේදී දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාගත් ගත් ස්ව ශක්ති සංවිධාන වලට සහතිකපත් ලබාදීම, මැයි මාසයේදී භක්ති ගීත වැඩසටහනක් සංවිධානය කිරීම, සැප්තැම්බර් පළමු වන දිනට ආබාධ සහිත පුද්ගලයන්ගේ දක්ෂෂතා එළිදැක්වීමේ වැසටහනක් පැවැත්වීම පිිබඳව සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කරන ලදී.
ඊට අමතරව සමාජසේවා නිළධාරින්ගේ මෙම වර්ෂයට අදාළ ප්‍රගති සමාලෝචනයද සිදුකෙරිණ.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් සමාජ සේවා නිළධාරින් සහ ස්ව ශක්ති බලමණ්ඩල සංවිධානයන්හි නිළධාරින් සහභාගී විය.




2024 නොවැම්බර් මාසය සදහා වන ප්‍රාදේශීය ලේකම් සමුළු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී නොවැම්බර් මස 19 වන දින පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කේ.එන්.කෞශල්‍යා කුමාරි, ප්‍රධාන ගණකාධිකාරී ජී. ජයවීර යන මහත්ම මහත්මීන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.
























