பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024 සඳහා ස්ථාපිත කර ඇති කමිටු වල ප්‍රගතිය පිළිබඳව අවසන් අදියරේ සාකච්ඡාව පසුගියදා ( 08) වන දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මැතිවරණ ආරවුල් කමිටුව, කාර්යමණ්ඩල පත් කිරිම් කමිටුව, තැපැල් ජන්ද කමිටුව, ගබඩා කමිටුව, සුබ සාධක කමිටුව, ප්‍රවාහන කමිටුව, ශාලා පහසුකම් හා අත්‍යාවශ්‍ය සේවා කමිටුව, නියෝජිත අවසරපත් සහ නවාතැන් කමිටුව, පක්ෂ කාර්යාල කමිටුව යන කමිටු වල ප්‍රගතිය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
මේ සඳහා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා සහ රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා, ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ධීවර හා ඛනිජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ.කහවත්ත, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් චම්පික කලුආරච්චි, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපදේශක විමුක්ති ජනාදර, හිටපු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සේනානායක යන මහත්වරුන් සහ සියලු කමිටු ප්‍රධානින් සහභාගී වූහ.




පාර්ලිමේන්තු මහමැතිවරණය 2024 කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සූදානම පිළිබඳව ප්‍රධාන තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමා විසින් අද (12) දින මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාව
පහතින් නරඹන්න

පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ජන්ද මධ්‍යස්ථාන වල ප්‍රධාන ගණන්කිරීමේ, භාර ගැනීමේ, නිකුත් කිරිමේ නිලධාරින් සහ සහකාර තේරීම්භාර නිළධාරින් වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මේ සඳහා සම්පත් දායකත්වය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරි හා විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඒ.සේනානායක මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ මනෝජ් අමරසිංහ, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ යන මහත්වරුන් ද එක්ව සිටියහ.
ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරි සිට සහකාර තේරීම්භාර නිළධාරින් දක්වා හාරසියයකට ආසන්න නිළධාරින් පිරිසක් මේ සඳහා සහභාගි වූහ.




කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ජන්දය සඳහා පුද්ගලයින් තිස් හත්දහස් හැට නවයක් (37069) ක් ලියාපදිංචි වී තිබේ.
ඒ අනුව, ඔක්තෝබර් මාසයේ 30 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවරණය කාර්යාලය සහ පොලිස් නිළධාරින් විසින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 07 වන මහළේ පැවැති තැපැල් ජන්ද මධ්‍යස්ථාන දෙකකදී ජන්දය භාවිතා කළ අතර එදින නොහැකි වූ නිළධාරින් වෙත මේ මස 04 වන දින කොළඹ නාගරික මැතිවරණ කාර්යාලයේදි සිය තැපැල් ජන්දය භාවිතා කිරීමට අවස්ථාව හිමිවිය.
රාජ්‍ය සේවයේ නිරත අනෙකුත් තැපැල් ජන්ද ඉල්ලුම්කරුවන් සඳහා මේ මස 01 සහ 04 දිනයන් වෙන්කර තිබුණි.
එම දිනයන්හි තැපැල් ජන්දය භාවිතා නොකළ රාජ්‍ය සේවයේ නිළධාරින්ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නවවන මහළ සහ දෙවන මහළ කුඩා ශ්‍රවණාගාර වලදි හෙට (07) සහ අනිද්දා (08) යන දිනයන්හි සිය තැපැල් ජන්දය භාවිතා කිරීමට අවස්ථාව සලසා ඇත.


























