மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

FB IMG 1670997768192

 
කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කල “2022 දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලිය” අවසානය සනිටුහන් කරමින් ජයග්‍රාහකයින් හට වර්ණ හා ජය සංකේත ප්‍රධානය කල "වර්ණ රාත්‍රිය" ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේ දී දෙසැම්බර් (02) දා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
 
ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, ගරු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන මැතිතුමන් ඇතුළු අරවින්ද සිල්වා, නුවන් සොයිසා, චමින්ද වාස්, කාලික වසන්තප්‍රිය ඇතුළු විවිධ ක්‍රීඩාවන් නියෝජනය කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙනගිය ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් හා රෝහණ බෝගොඩ මහතා, රෝහණ සිරිවර්ධන මහතා, නිරංජලා සරෝජිනී මහත්මිය ඇතුළු කලා කරුවන් පිරිසක් ද මේ සඳහා සහභාගිවිය.
 
කොළඹ දිස්ත්‍රික් වංශකතාවේ ප්‍රාදේශීය පරිපාලනයේ අලුත් සටහනක් එකතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1480 කගේ පමණ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ  ක්‍රීඩා තරගාවලියේ අරමුණ ක්‍රීඩාව තුලින් සාමුහික කණ්ඩායම් හැඟීම් වර්ධනය, සුහදතාවය වර්ධනය, නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්වය වර්ධනය හා ඒ තුලින් මහජනතාවට හිතැති කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වාගැනීම බවත් ඒ සඳහා රාජ්‍ය මුදල් භාවිතා නොකර මෙම වැඩසටහන සංවිධානය කල බවත් දිසාපතිතුමන් විසින් මෙහිදී ප්‍රකාශ කළේය.
 
තරගාවලිය අවසානයේ ජයග්‍රාහකයන් 286ක් සහ වර්ණ ලාභීන් 200ක් සුදුසුකම් ලබා සිටි අතර ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාණ්ඩලික නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙනගිය ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කලාකරුවන්ගේ සුරතින් එම වර්ණ හා ජය සංකේත පිරිනැමීම එදින සිදුකෙරිණි.
 
කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේම සංකල්පයක් මත ක්‍රියාත්මක කල " Voice of Colombo " තරඟයේ ජයග්‍රාහකයින්ගේ ගීත වලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු නිලධාරින්ගේ නර්ථනයන්ගෙන් වැඩසටහන විචිත්‍රවත් විය. මනෝජ් පිරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්ධය සංගීතය සපයනු ලැබිණි.
 
කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ දැඩි කැපවීම හා නායකත්වය මත, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගයෙන් පුරා මාස ගණනක් පැවැත්වූ විශිෂ්ඨ ක්‍රීඩා තරගාවලියක නිමාව එදින වර්ණ රාත්‍රියේ දී අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වර්ණවත් ලෙස සනිටුහන් කෙරිණි.
 
🏆🏅 🏆🎖️ 🏆🏅 🏆🎖️ 🏆🏅 🏆🎖️
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
FB IMG 1670997763860   FB IMG 1670997745019   FB IMG 1670997678737   FB IMG 1670997681621
 
 
FB IMG 1670997685228   FB IMG 1670997691494   FB IMG 1670997707953   FB IMG 1670997714782
 
 
FB IMG 1670997717414   FB IMG 1670997720815    FB IMG 1670997728862   FB IMG 1670997733072
 
 
FB IMG 1670997736395    FB IMG 1670997741454    FB IMG 1670997763860