பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்




කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම...
කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම කොළඹ දිස්ත්රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී ඊයේ (16) දින පැවැත්විණි.
2023 යල කන්නය වී වගාවේ ප්‍රගතිය, 2023/24 මහ කන්නය වී වගාව, වගා ඉඩම් ප්‍රමාණය, මහ කන්නයේ පොහොර අවශ්‍යතාවය, රසායනික පොහොර බෙදාදීමේ ප්‍රගතිය, දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය හා ඒවායේ ගුණාත්මක භාවය යන කරුණු පිළිබඳ දිසාපතිතුමන්ගේ අවදානය මෙහිදී යොමුවිය.
ඊට අමතරව ආරක්‍ෂිත පොලිතින් ගෘහ (polytunnel) තුල සිදුකෙරෙන වගා ව්‍යපෘති, සොජන් වගාව හා ඒ ආශ්‍රිත ගැටළු, දිස්ත්‍රික්කයේ පලතුරු වගාවන්, 2023 මධ්‍යම රජය මඟින් ක්‍රියාත්මක කෘෂි කාර්මික වැඩසටහන්, කුඩා පරිමාණ හා ගෙවතු වගා ප්‍රවර්ධන වැඩ සටහන, ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්, පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ 2023 වර්ෂයේදී අස්වැද්දීමට සැලසුම්කර ඇති පුරන් කුඹුරු ව්‍යාපෘතියේ තොරතුරු, කොළඹ දිස්ත්‍රික්කයේ බිම්මල් වගා ප්‍රවර්ධන වැඩසටහන, කොළඹ දිස්ත්‍රික්කයේ සත්ව නිෂ්පාදන ප්‍රගතිය, අපනයනය කේන්ද්‍ර කර ගත් දේශීය අල බෝග වගාව හා අගය එකතු කල දේශීය අල ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන ආදී දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන වැඩසටහන් හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළේය.
අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, කොළඹ දිස්ත්රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය, දිස්ත්‍රික් පොහොර අංශය, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පශු සම්පත් දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් වගා කිරීමේ මණ්ඩලය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, කෘෂි රක්ෂණ මණ්ඩලය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවිය.
- කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය -

























