மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

ජන හා නිවාස සංගණනය 2024 කොළඹ දිස්ත්‍රික් සංගණන වැඩසටහනට සමගාමිව කොලොන්නාව කොට්ඨාසයේ ක්ෂේත්‍ර චාරිකාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2024/01/07 දින සිදුකෙරිණි.
 
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, කොළඹ දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ප්‍රජීව හෙට්ටියානි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
417694746 685785450402281 7762828094592732415 n 417694982 685786283735531 9135717600060534670 n 417728484 685784437069049 9166504924633051496 n 417778221 685783480402478 3677077894540638772 n 417784250 685785553735604 1290499448104722263 n 417794817 685784853735674 3150565679818407216 n
කොළඹ දිස්ත්රික් ලේකම්/දිසාපති කේ. ජී විජේසිරි මහතාගේ සංකල්පයක් අනුව කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලීය නිල දරුවන්ගේ ගායන දක්ෂතා, නර්තන දක්ෂතා සහ රංගන දක්ෂතා එළිදක්වමින් 2024 නව අවුරුද්ද කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිල දරුවන් විසින් 2024.01 01 දින ප්රීතියෙන් සහ උත්කර්ෂවත් ලෙස පිළිගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්රික් ලේකම්/දිසාපති කේ. ජී විජේසිරි මහතා, අතිරේක දිස්ත්රික් ලේකම්වරුන් වන කේ.එන්. කෞශල්යා කුමාරි, එම්. ඒ. එස්. කාංචනා ගුණවර්ධන, තිඹිරිගස්යාය ප්රාදේශීය ලේකම් ප්රියන්තා දිසානායක, කඩුවෙල ප්රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ යන මහත්ම මහත්මීන් සහ කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
415292135 682446370736189 2993042607211608472 n 415295293 682446404069519 6518917082750112937 n 415299670 682446280736198 3787683598962133263 n 415316454 682446357402857 8948851408336757294 n 415964320 682446340736192 3250719017061033942 n 415975191 682446380736188 5886754898147562481 n 416204933 682446264069533 9204680364550258630 n 416221286 682446984069461 4504635877417986688 n 416017211 682446614069498 4400712223747734316 n 415963380 682446930736133 568999116178680115 n 415971934 682446624069497 1473917782291036459 n
 ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්
 
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්   2024 වසරේ  රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු ඇරඹීම   ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නිල උත්සවය  2024.01 01 (අද) දින රාජ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි. 
 
 ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය සේවකයන්, කොළඹ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් මෙම අවස්ථාවට  එක් වූ අතර එහිදී වසර ආරම්භයේදී රාජ්‍ය සේවකයන් ලබා දෙන ප්‍රතිඥාව ද  ලබා දෙන ලදී.
 
 
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී  විජේසිරි  , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන චන්දන රණවීර ආරච්චි,  ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, එච්. එම් නන්දසේන,  ධම්මික මුතුගල,  තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක යන මහත්ම මහත්මීන් සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ. 
  
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය
 
WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 20  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 5  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 7 
 WhatsApp Image 2024 01 01 at 8.47.25 PM  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 6  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 8
 
WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 12  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 17  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 19

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් ජාතික සුරක්ෂිත දිනයට සමගාමිව සිදුකරනු ලබන 19 වන ජාතික සුරක්ෂිත දින වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ .ජී. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඊයේ (26) පවත්වනු ලැබිණි.

සුනාමියෙන් සහ වෙනත් ආපදා වලින් මියගිය පුද්ගලයන් සිහිකර පවත්වනු ලබන මෙම වැඩසටහන මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ අනුශාෂකත්වය යටතේ පැවැත්විණි.

දිස්ත්‍රික්කය මුහුණදෙන ආපදා තත්ත්වයන් වලදී එයට ගොදුරුවන ජනතාව එයින් මුදවාගෙන ඔවුන්ට සහන සැලසීමේදී ආපදා කළමනාකරණ ඒකකය සමග එක්ව සහයෝගය දක්වන ෆාම්ස් ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ක්ලැරන්ස් මහතා, ගැලවීමේ හමුදාවේ මේජර් ජයන්ත කුමාර පියතුමන්, Save the Children ආයතනයේ කළමනාකාරතුමන්, සර්වෝදය ආයතනය, ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නියෝජනය කරන නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඒ සදහා එක්ව සිටියහ.

අඩු අදායම්ලාභී පවුල් වල අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමක් ද මෙහිදී සිදු කරනු ලැබූ අතර ඒ සඳහා ෆාම්ස් ලංකා ආයතනය අනුග්‍රහය දක්වන ලදී.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.එන්.කෞශල්‍යා කුමාරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ, සහකාර දිස්ත්‍රික් ලේකම් එස්.ඒ. නදීෂා දර්ශනී, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිවිය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

01ts  03ts  04ts  08ts

உட்பிரிவுகள்