පරිපාලන සහ ආයතන අංශය
|
එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ අතිරේක දිස්ත්‍රික් ලේකම් |
|
|
එන්.එස් පතිරණ සහකාර දිස්ත්‍රික් ලේකම් |
|
|
අසංකා කෝට්ටගේ පරිපාලන නිලධාරී |
දිස්ත්‍රික් ලේකම්ගේ පාලනයට ගැනෙන සියලුම නිලධාරීන්ගේ ආයතන හා පරිපාලන කටයුතු ඉටු කිරීම ආයතන අංශයේ ප්‍රධාන කාර්යභාරයයි.
- නව පත්කිරීම්
- සේවා කාලය දීර්ඝ කිරීම්
- විශ්‍රාම ගැන්වීම්
- කොස්ගස් බලපත්‍ර නිකුත්කිරීම
- ජූරි සභික නාමලේඛණ සැකසීම
- පුහුණු කටයුතු
- නිවාඩු දුම්රියබලපත්‍ර කටයුතු
- නිලධාරීන්ගේ ණය කටයුතු
- දේපල ණය
- වාහන ණය
- ආපදා ණය
- පාපැදි ණය
ඉහත ආයතනික පරිපාලන සේවාවන්ට අමතරව පහත සදහන් කාර්යයන් ද ඉටු කරනු ලබයි.
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලවල පරිපාලන කටයුතු හා අධීක්ෂණ කටයුතු
- බෞද්ධ කටයුතු හා සංස්කෘතික කටයුතු, බෙල්ලන්විල හා කෝට්ටේ පෙරහැර ඇතුළු වෙසක් උත්සව සංවිධාන කටයුතු
- සමාජසේවා කටයුතු
- ආපදා කළමනාකරණ කටයුතු (ගංවතුර, සුනාමි ව්‍යසන ආදී)
- දැව බලපත්‍ර සම්බන්ධ කටයුතු
- පරිසර සංවර්ධන කටයුතු
- නිවාස කටයුතු
- කෘෂිකර්ම කටයුතු
- මැතිවරණ කටයුතු
- දිස්ත්‍රික් පුහුණු කටයුතු
- රාජ්‍ය උත්සව සඳහා දායකත්වය ලබාදීම
- ග්‍රාම නිලධාරී පොදු කටයුතු හා විනය කටයුතු
- උප්පැන්න සහතික පරිලෝකණගත කිරීම
- උප්පැන්න, මරණ, විවාහ රෙජිස්ට්‍රාර්වරුන් සහ හදිසි මරණ පරීක්ෂකවරුන් පත්කිරීම හා එයට අදාළ සියලු කටයුතු
- අභ්‍යාසලාභී උපාධිධාරී සම්මුඛ පරීක්ෂණ, පත්වීම් හා ස්ථානමාරු කටයුතු
ගිණුම් අංශය
ගිණුම් අංශය
|
දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
විද්‍යුත් තැපැල් ලිපිනය |
|
|
ජී. ජයවීර මයා |
011-2369143 |
011-2369019 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
ඩී.වී. කුරුප්පු මිය |
011-2368152 |
011-2369019 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
ටී.කේ.එන්. ගමගේ මයා මූල්‍ය සහකාර |
011-2368153 |
011-2369019 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
|
|
|


ගිණුම් අංශයේ අනෙකුත් නිලධාරීන් හා ඔවුන්‌ගේ ප්‍රධාන කාර්යයන්
|
කේතය |
නිලධාරියාගේ නම |
තනතුර |
ප්‍රධාන කාර්යයන් |
|
ACC-01 |
එච්. කේ. කපිල මයා |
සංවර්ධන නිලධාරි III |
ප්‍රධාන මුදල් පොත පවත්වාගෙන යාම. |
|
ACC-02 |
ආර්. ඒ. නුවන් චන්දන මයා |
සංවර්ධන නිලධාරි III |
ප්‍රධාන ගිණුම් සාරාංශය සකස් කිරීම හා ජංගම නොවන මූල්‍ය වත්කම් වාර්තා කිරීම. |
|
ACC-03 |
පී. එල්. එම්. දුෂාන්ති මිය |
සංවර්ධන නිලධාරි III |
පොදු තැන්පත් වැය ලෙජර් පවත්වාගෙන යාම හා තැපෑල පවත්වාගෙන යාම |
|
ACC-04 |
කේ. එම්. ආර්. තිසරි පෙරේරා මෙය |
සංවර්ධන නිලධාරි III |
වෙනත් අමාත්‍යාංශ ප්‍රතිපාදන සම්බන්ධ කටයුතු සිදු කිරීම. |
|
ACC-05 |
එල්. කේ. ඩිල්ෂා පීරිස් මිය |
සංවර්ධන නිලධාරි III |
වැටුප් සකස් කිරීම. |
|
ACC-07 |
ආර්. පී. ජයවර්ධන මිය |
සංවර්ධන නිලධාරි III |
ITMIS වැඩසටහන ක්‍රියාත්මක කිරීම. |
|
ACC-08 |
ඩබ්. ටී. ගයනි සෝමරත්න මිය |
සංවර්ධන නිලධාරි III |
ITMIS වැඩසටහන දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම හා අවසාන මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම. |
|
ACC-09 |
ටී. ඩී. බී. සී. කරුණාරත්න මිය |
සංවර්ධන නිලධාරි III |
සියලුම ගෙවීම් වැය ලෙජර්ගත කිරීම. |
|
ACC-10 |
ආර්. එම්. සී. සී. බී. රාමනායක මයා |
විශ්‍රාම වැටුප් නිලධාරි |
දිස්ත්‍රික් විශ්‍රාම වැටුප් සම්බන්ධීකරණය කිරීම. |
|
ACC-11 |
ඩබ්. එස්. එස්. ප්‍රනාන්දු මිය |
සංවර්ධන නිලධාරි III |
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුම් කටයුතු සිදු කිරීම. |
|
ACC-13 |
ආර්. වික්‍රමආරච්චි මයා |
කළමනාකරණ සේවා නිලධාරි III |
ප්‍රධාන ගබඩාව පවත්වාගෙන යාම |
|
ACC-14 |
පී. ජී. සී. හර්ෂිනි ජයලත් මිය |
කළමනාකරණ සේවා නිලධාරි III |
ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම. |
|
ACC-15 |
යූ. එල්. පී. එම්. රත්නායක මිය |
සංවර්ධන නිලධාරි III |
වෙනත් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන නිදහස් කිරීම. |
|
ACC-16 |
එච්. ඩී. එන්. කේ. රත්නප්‍රිය මයා |
කළමනාකරණ සේවා නිලධාරි III |
සියලුම ගෙවීම් වවුචර් පරීක්ෂා කිරීම, භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කිරීම හා කොම්ප්ට්‍රෝලර් ජනරාල් සඳහා වාර්තා සැකසීම. |
|
ACC-17 |
ජී. එස්. මනෝජා පෙරේරා මිය |
සංවර්ධන නිලධාරි III |
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බැංකු සැසඳුම් පිලියෙළ කිරීම සහ ඉඩම් අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාල ප්‍රතිපාදන සම්බන්ධ කටයුතු සිදු කිරීම. |
|
ACC-18 |
ඒ. පී. නදීෂා මධුමාලි මිය |
සංවර්ධන නිලධාරි III |
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ CIGAS වැඩසටහන ක්‍රියාත්මක කිරීම. |
|
ACC-19 |
ආර්. ඒ. වී. රණසිංහ මෙය |
සංවර්ධන නිලධාරි III |
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වැය ශීර්ෂයට අදාල ප්‍රතිපාදන හා ධීවර වන්දි ප්‍රතිපාදන සම්බන්ධව කටයුතු කිරීම. |
|
ACC-20 |
ඊ. ඩී. ටී. ටී. එදිරිසිංහ මෙය |
සංවර්ධන නිලධාරි III |
දිස්ත්‍රික් ඒකාබද්ධ අත්තිකාරම් බී ගිණුම සකස් කිරීම හා NFAMS වැඩසටහන ක්‍රියාත්මක කිරීම. |
|
- |
ඒ. එල්. එස්. ලක්රුවන් මයා |
කාර්යාල සේවක සේවය III |
ප්‍රධාන ගබඩාවට සම්බන්ධ කාර්යාල සහයක කටයුතු සිදු කිරීම. |
|
- |
කේ. ඒ. තිළිණ ලක්චාන් මයා |
කාර්යාල සේවක සේවය III |
ගිණුම් අංශයට සම්බන්ධ කාර්යාල සහයක කටයුතු සිදු කිරීම. |
සැලසුම් අංශය
![]() |
සුජිත් බණ්ඩාර මහතා අධ්‍යක්ෂ (සැලසුම්) දුරකථන අංකය: 0112 369 147 විද්‍යුත් තැපැල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
![]() |
නාලිනී සුභසිංහ මිය නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) දුරකථන අංකය: 0112 369 156 විද්‍යුත් තැපැල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
![]() |
චතුරිකා රාජකරුණා මෙය නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) දුරකථන අංකය: 0112 369 352 විද්‍යුත් තැපැල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
![]() |
බී. ඒ. ජී. එස්. බෝපිටිය මිය සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) දුරකථන අංකය: 0112 369 767 විද්‍යුත් තැපැල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
![]() |
නයනතරා මැදිවක මිය සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) දුරකථන අංකය: 0112 369 354 විද්‍යුත් තැපැල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
දැක්ම
විශිෂ්ට ක්‍රමසම්පාදන සේවා ලේකම් කාර්යාලයක්
මෙහෙවර
තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීම හා සැලසුම් කිරීම, මෙහෙයවීම, ප්‍රගති සමාලෝචන ඇගයීම,කාර්යක්ෂම සම්බන්ධීකරණය මගින් රජයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් කාර්යක්ෂමව හා ඵලදායීව දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදී ජාතික සංවර්ධනයට දායකවීම.
ක්‍රමසම්පාදන අංශය මඟින් ළඟා කර ගැනීමට දායකවන තිරසර සංවර්ධන අරමුණු
- සවිමත් යටිතල පහසුකම් ගොඩනැගීම
- සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීම සහ ඒවායේ තිරසර කළමනාකරණය සහතික කිරීම
- සාගින්න නැතිකර ආහාර සුරක්ෂිතතාවය සහ යහපත් පෝෂණ තත්වයන් දිනාගෙන තිරසර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම
- පරිපූර්ණ ,සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීම් අවස්ථා සැලසීම
- සියල්ලන් සඳහා දැරිය හැකි , විශ්වාසනීය , තිරසාර සහ නවීන බලශක්ති සැපයුම සහතික කිරීම
- පූර්ණ ඵලදායී සහ යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම
- නිරෝගී ජිවිත සහතික කර සෑම වයසකම සිටින සියල්ලන්ගේම සුභසාධනය ප්‍රවර්ධනය කිරීම
ක්‍රමසම්පාදන අංශයේ දැනට සේවයේ නියැලෙන කාර්ය මණ්ඩල තොරතුරු
|
අනු අංකය |
තනතුරු නාමය |
අනුමත සංඛ්‍යාව |
දැනට සිටින සංඛ්‍යාව |
|
01. |
අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) |
1 |
1 |
|
02. |
නියෝජ්‍යඅධ්‍යක්ෂ / සහකාරඅධ්‍යක්ෂ |
4 |
4 |
|
03 |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී |
1 |
1 |
|
04 |
සංවර්ධන නිලධාරී |
12 |
15 |
|
05. |
සංවර්ධන සම්බන්ධීකාරක |
2 |
2 |
|
06. |
කළමණාකරණ සේවා නිලධාරී |
5 |
3 |
|
07. |
ලිපිකරු (දෙපාර්තමේන්තුගත) |
1 |
1 |
|
08. |
රියදුරු |
2 |
1 |
|
09. |
කාර්යාල කාර්ය සහායක |
2 |
2 |
|
10 |
බහු කාර්ය සහායක |
- |
1 |
|
එකතුව |
30 |
31 |
|
ප්‍රධාන ක්‍රියාකාරකම්
- දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාකාරකම් වලට අදාළව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වීම හා මොහයවීම
- දිස්ත්‍රික්කයේ සියළුම සංවර්ධන ව්‍යාපෘති මෙහෙයවීම
- රේඛීය අමාත්‍යාංශවල සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික්කයේ අදාළ ආයතන සමිබන්ධීකරණය සහ මෙහෙයවීම
- දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක විශේෂිත සංවර්ධන ව්‍යාපෘති සමිබන්ධීකරණය
- දිස්ත්‍රික් ක්‍රමසම්පාදන කාර්යාලයට අනුයුක්ත නිලධාරීන්ගේ පරිපාලන හා ආයතනික ක්‍රියාකාරකම්
- දිස්ත්‍රික් ආයෝජන සැලැස්ම පිළියෙල කිරීම
- දිස්ත්‍රික්කයේ පවතින භෞතික සම්පත් පිළිබඳ දක්වමින් සම්පත් පැතිකඩ වාර්ෂිකව එළි දැක්වීම
සංවර්ධන ව්‍යාපෘති
- 2020 /2021 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති
- ගම සමඟ පිලිසදරක් 2022
- කොළොම්තොට වගා සංග්‍රාමය
කොළඹ දිස්ත්‍රික්කයේ ආකර්ෂණිීය ස්ථාන
ඉඩම් අංශය
කේ.එන්.කෞශල්‍යා කුමාරි මිය. - අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)


අංශයට අයත් රාජකාරි
- ඉඩම් හා පරිසර විෂය රාජකාරි අධීක්ෂණය කිරීම.
- දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ ඉඩම් පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ කටයුතු සිදු කිරීම.
- දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව සිදු කරනු ලබන රාජකාරි පිළිබඳව ප්‍රගති වාර්තා රැස්කිරීම හා අධීක්ෂණය.
- රජයට අත්පත් කරගනු ලබන ඉඩම් සම්බන්ධ රාජකාරි කටයුතු.
- දැව හෙළීමේ බලපත්‍ර හා දැව ප්‍රවාහන බලපත්‍ර සම්බන්ධයෙන් කටයුතු සිදු කිරීම.
- ඉඩම් ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන්/මහජන පෙත්සම් කාරක සභාවෙන් කැඳවනු ලබන වාර්තා පිළියෙළ කොට රාජකාරි ඉටු කිරීම.
- ඉඩම් විෂයට අදාළව කටයුතු කරනු ලබන අනෙකුත් ආයතන සම්බන්ධීකරණය කිරීමේ රාජකාරි කටයුතු.
- වාණිජ නොවන කටයුතු සඳහා වන පස් කැණීමේ කටයුතු වලට අදාළ රාජකාරි ඉටු කිරීම.
- විදුලිය ඇතුළු අනෙකුත් ප්‍රජා යටිතල පහසුකම් සැපයීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- දිස්ත්‍රික් සීමා නිර්ණ කමිටුවේ කටයුතු සම්බන්ධීකරණය.
- E-ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියට අදාළ රාජකාරී කටයුතු.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය හා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ කටයුතු අධීක්ෂණය.
- දිස්ත්‍රික් පරිසර හා කමිටු කටයුතු හා දිස්ත්‍රික් සුරකිමු ගංඟා කටයුතු සමබන්ධීකරණය කිරීම.
- පරිසර, උපදේශන සේවා ඵලදායිතා ප්‍රවර්ධන, ජාතික ඒකාබද්ධතා,සමථ පුහුණු, සමාජ ආරක්ෂණ, මත්ද්‍රව්‍ය හා අධ්‍යාපන, රාජ්‍යෙනාවන සංවිධාන, සංස්කෘතික කටයුතු ග්‍රාම සංවර්ධන ක්ෂේත්‍ර නිලධාරි රාජකාරි කටයුතු අධීක්ෂණය කිරීම.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුබසාධන කටයුතු සම්බන්ධීකරණය.
ඉංජිනේරු අංශය
![]() |
ටී.එම්.සී.එච්. මැණිකේ මහත්මිය දිස්ත්‍රික් ඉංජිනේරු |
කොළඹ දිස්ත්‍රික්කය තුළ බහුවිධ ඉදිකිරීම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය අංශයේ ඉංජිනේරු වෘත්තීය ප්‍රමිතීන් පවත්වාගෙන යමින් වසර 10 කට වැඩි කාලයක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ඉංජිනේරු අංශය සංස්ථාගත කර ඇත.
ඉංජිනේරු අංශයේ ප්‍රධාන කාර්යයන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇති දිස්ත්‍රික් ලේකම් / ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකරන සියලුම ඉදිකිරීම්වල ව්‍යාපෘතීන් වල ප්‍රමිතීන් පවත්වා ගැනීම වන අතර, කාලයත් සමඟ ඉටු කරන ලද කාර්යභාරය විශාල ලෙස පුළුල් වී ඇත. ව්‍යාපෘති දේශීයව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමේ සිට තාක්ෂණික මාර්ගෝපදේශ සැපයීම සහ සම්පත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස භාවිතා කිරීම සඳහා රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම දක්වා ඉංජිනේරු අංශය සිය පැවරුම් කාර්යභාරය ඉටු කිරීමට සමත් වී ඇත
අංශයේ ප්‍රධාන කාර්යයන්
1. ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු
Ø ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම.
Ø පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීම.
Ø ඉදිකිරීම් ව්‍යාපෘතිවල ව්‍යුහාත්මක සැලසුම් කිරීම සහ තත්ත්ව පාලනය.
Ø ගෙවීම් පරික්ෂා කිරීම සහ ගෙවීම් නිර්දේශ කිරීම.
2. ප්‍රසම්පාදන කටයුතු.
3. නඩත්තු සහ සේවා සම්බන්ධ කටයුතු.
4. දිස්ත්‍රික් මිල නියම කිරීමේ කමිටු රැස්වීම් පැවැත්වීම, වාර්තා සකස් කර අදාල අංශ දැනුවත් කිරීමට අදාල සම්බන්ධීකරණ කටයුතු.
5. වෙනත් රාජ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු වල අවශ්‍යතාවන් අනුව අදාල ආයතන සදහා අවශ්‍ය වන ඉංජිනේරුමය සහයෝගය ලබාදීම.
අපගෙන් ඔබ වෙත ලැබෙන සේවාවන්
- සමාජයේ අරමුදල් සහ සම්පත් පිළිබඳ වගවීම.
- පරිසරයට සහ සමාජයට ඉංජිනේරු ව්‍යාපෘති මගින් වන බලපෑම ගැන සැලකිලිමත් වීම.
- වැඩ ආරම්භ කිරීමට පෙර සියලුම ව්‍යාපෘතිවල නීත්‍යානුකූලභාවය සහතික කිරීම.
- සමාජ වගකීම් පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම.
- නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- තාක්ෂණික නිලධාරීන්ගේ දැනුම,ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා පුහුණු වැඩසටන් ක්‍රියාත්මක කිරීම සහ තාක්ෂණික නිලධාරි සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
සමාජ වගකීම් සහතික කිරීම සඳහා අප විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග
- වත්මන් වර්ෂය තුළ ද්‍රව්‍ය මිල ගණන් සඳහා මිල නියම කිරීමේ කමිටුව සම්බන්ධීකරණය කිරීම.
- නව ව්‍යාපෘති සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම සදහා ප්‍රසම්පාදන කටයුතු ඉටුකිරීම.
- ඉදිකිරීම් වල ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා අධීක්ෂණ කටයුතු කිරීම.
- ඉදිකිරීම් වල ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා ඉදිකිරීම්,අමුද්‍රව්‍ය තත්ත්ව පරික්ෂාවන්ට ලක් කිරීම.
- ඉදිකිරීම්වල ප්‍රගතිය සහ ප්‍රගති රැස්වීම් පැවැත්වීම.
- දිස්ත්‍රික්කය තුළ සාධාරණ ස්ථාවර මිලක් පවත්වා ගැනීම සඳහා වාර්ෂිකව මිල නියම කිරීමේ කමිටු වාර්තා නිකුත් කිරීම.
කොළඹ දිස්ත්‍රික් මිල නියම කිරිමේ කමිටු රැස්වීම් වාර්තා 2023 නොවැම්බර්
කොළඹ දිස්ත්‍රික් මිල නියම කිරීමේ කමිටු රැස්වීම් වාර්තාව 2023 අප්‍රේල්
කොළඹ දිස්ත්‍රික් මිල නියම කිරීමේ කමිටු රැස්වීම් වාර්තාව 2022 නොවැම්බර්
කොළඹ දිස්ත්‍රික් මිල නියම කිරීමේ කමිටු රැස්වීම් වාර්තාව 2022 සැප්තැම්බර්
දැව සංස්ථාවේ මිල ගණන්- 2022 සැප්තැම්බර්
Colombo_Price_Fixing_Committee_report2022_August
අවසන් කරන ලද ව්‍යාපෘති.
01.) ව්‍යාපෘතියේ නම: නාරාහේන්පිට නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය - III අදියර
- කොන්ත්‍රාත්කරු - Sanken Construction (pvt) ltd.
- මුළු ඇස්තමේන්තුගත පිරිවැය - රුපියල්.මිලියන 3890
- උපදේශන ආයතනය - CECB (මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය)
- විශේෂ ලක්ෂණ - හරිත ගොඩනැගිලි සංකල්ප යෙදීම.

Contract award from year 2014 January to 2014 December [PDF - 3MB]
දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘති
01.) ව්‍යාපෘතියේ නම: හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා වූ සිව්මහල් ගොඩනැඟිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම.·
- කොන්ත්‍රාත්කරු - Asiri Construction (pvt) ltd.·
- උපදේශන ආයතනය - ගොඩනැගිලි දෙපාර්තමේන්තුව.·
- සේවායෝජකයා - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.·
- ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය - රුපියල්.මිලියන 239·
- ආරම්භක දිනය - 2021.04.14


ඉදිරි වැඩසටහන්
වැඩසටහන්
- අලුත් අවුරුදු සැමරුම 2022.

- දුරුතු බණ වැඩසටහන 2022 ජනවාරි 26 දින පවත්වන ලදී.

කෘෂිකර්ම අංශය
![]() |
|
දැක්ම
කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන සංවිධාන අතර මනා සම්බන්ධීකරණය කරමින් කාර්යක්ෂම හා ඵලදායි කෘෂිකාර්මික අංශයක් ගොඩ නැගීම
මෙහෙවර
ස්වභාවික සම්පත් තිරසාර කළමනාකරණය තුළින් සමාජීය වශයෙන් පිළිගත් නව්‍ය හා වාණිජමය නැඹුරුවකින් යුතුව, ගෝලීය තරඟකාරී නිෂ්පාදනයන් බිහිකරන ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් සාක්‍ෂාත් කර ගැනීම.
දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරනය සඳහා අමාත්‍යාංශ ලේකම් හා දිස්ත්‍රික් ලේකම්ට සහය වීමේ අරමුණින් 2012 ජූනි මස දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු පත් කිරීම අනුව 2012 වර්ෂයේ අගෝස්තු මස කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශය ස්ථාපිත විය. දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂගේ සහාය සඳහා සංවර්ධන නිලධාරින් පස් දෙනෙක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට තිදෙනෙක් බැගින් අනුයුක්ත කරන ලදි. 2014 ජනවාරි මස දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සඳහා කාර්යාල කාර්ය සහායක සහ රියදුරු අනුයුක්ත කරන ලදි. වේල්ල වීදියේ පිහිටි පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වා ගෙන ගිය දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය, එම ගොඩනැගිල්ලට ගින්නෙන් හානි විමත් සමඟ 2014.01.18 වන දින නාරහෙන්පිට ස්ථාපිත කළ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණයට පිවිසෙන ලදි.
මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටා ඇති කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ (පොහොර), හා සංවර්ධන නිලධාරින් ඇතුළු අට දෙනෙකු ගෙන් සමන්විත වේ.
දිස්ත්‍රික් කෘෂිකර්ම අංශයේ කාර්යයන්
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සඳහා දායකත්වය දැක්වීම
එම වැඩසටහනට බෝග වර්ග 13ක් ඇතුලත් වන අතර වී හා මිරිස් යන බෝග වර්ග කොළඹ දිස්ත්‍රික්කය තුල වගා කිරීමට පියවර ගෙන ඇත. දිස්ත්‍රික්කය තුල එම බෝග වගා ඉලක්ක වල ලඟා වීම සම්බන්ධ අධීක්ෂණය, තොරතුරු රැස් කිරීම හා වාර්තාකරණය දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය යටතේ සිදු වේ.
ව්‍යාපෘති මෙහෙයවීම
කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආදි ආයතන වල සහය ඇතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පැවැත්වීම
දිස්ත්‍රික් ලේකම් ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල ආයතන වල සහභාගීත්වයෙන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පැවැත් වේ. එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෘෂිකාර්මික වැඩසටහන් වල ඉලක්ක සහ ප්‍රගතිය පිලිබඳ සාකච්ඡා කිරීම සිදු වන අතර කෘෂිකාර්මික ගැටළු සඳහා විසදුම් ලබා දීමද සිදු කරනු ලැබේ.
දිස්ත්‍රික් කන්න රැස්වීම් පැවැත්වීම
දිස්ත්‍රික් ලේකම් ගේ ප්‍රධානත්වයෙන්, මහා වාරි යටතේ වගා කෙරෙන වී වගාවන් සඳහා කොට්ඨාස මට්ටමින් කන්න රැස්විම් පවත්වන අතර කන්නය ආරම්භ වීමට පෙර කෘෂිකාර්මික කටයුතු වල ඉදිරි කාර්යන් පිළිබඳ දින වකවානු සාකච්ඡා කිරීම, අවශ්‍ය තීන්දු තීරණ ගැනීම හා ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම හා විසදුම් ලබා දීමද මෙහිදී සිදු කරනු ලැබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වෙනත් වැඩසටහන් සඳහා සහය ලබා දීම
- “එක මිටට ගොවි බිමට” ජාතික වැඩසටහන
- “කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරිම” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
සමෘද්ධි අංශය
![]() |
ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ |
දැක්ම
වසර 2030 වන විට දුගී බවෙන් තොර, සවිබලගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනය බවට පත්වීම
මෙහෙවර
ආන්තීකරණයටපත් ජනතාව (ආර්ථිකමය, සමාජයීය, දේශපාලනික, භෞතික, මානසික, නෛතික හා පාරිසරික) සවිබලගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සඳහා කාර්යක්ෂම, සඵලදායී, වේගවත් හා ඵලදායී විසඳුම් ජනහිතකාමී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රජාමූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන්, රජය, පෞද්ගලික, ජනතා සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලීය ආයතන වලද සහභාගීත්වයෙන්, දුගී බවෙන් තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම තුළින් ආර්ථික සංවර්ධනයට දායක වීම.
වැඩසටහන්
සමාජ සංවර්ධන අංශය
- සෞභාගයේ දැක්ම විශේස නිවාස වැඩසටහන
තොරාගත් ප්‍රතිලාභීන්ට රජයේ දායකත්වය ලෙස රු.200,000 ක මුදලක් ලෙස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාෂයකට ප්‍රතිලාභීන් 07ක් සදහා මුදල් ලබාදීම. දැනට නිවාස 83 ක් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙමින් පවති.
අභ්‍යන්තර විගණන අංශය

පී. කේ ඩී එම් ගුණසේන මහතා
ප්‍රධාන අභ්‍යන්තර විගණක
දුරකථන අංකය : 011 2369167
ෆැක්ස් අංකය : 011 2369167
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ඊට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආයතනික ක්‍රියාකාරකම්වල අවදානම් කළමනාකරණය, යහපාලනය හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ස්වාධීන සහතිකයක් ලබාදීම සහ උපදේශාත්මක කාර්යයභාරයක් සිදුකිරීම අරමුණින් යුතුව කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්ෂණයෙන් හා මෙහෙයවීමෙන් යුතුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය පිහිටුවා ඇත.
කාර්යයභාරය
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට නිලධාරීන්ගේ දැනුම වර්ධනය කරගැනීම සම්බන්ධ අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම සඳහා සහය වීම.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ක්‍රමවෙදයන් තක්සේරු කිරීම හා දුර්වලතා සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
- ආයතනය සතු මූල්‍ය හා භෞතික මානව සම්පත් ප්‍රශස්ත උපයෝජනයකට මඟපෙන්වීම හා කාර්යය සාධනය ඉහළ නැංවීමට සහය වීම.
- අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය වන මඟපෙන්වීම සහිත අභ්‍යන්තර උපදෙස් සහ අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් කිරීම.
- අභ්‍යන්තර පාලන ක්‍රම දුර්වල අවස්ථා හඳුනාගැනීම සහ එය දිස්ත්‍රික් ලේකම්ගේ අවධානයට යොමු කිරීම ඒ සම්බන්ධව නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම.
- රජයේ මුදල් රෙගුලාසි, රජයේ ආයතන සංග්‍රහය, මූල්‍ය රීති සහ කාර්යය පටිපාටිය, රාජ්‍ය පරිපාලන භාණ්ඩාගාර අනෙකුත් රේඛීය හා දෙපාර්තමේන්තු විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ හා උපදෙස් අණපනත් මාර්ගෝපදේශන අනුව කටයුතු කරනු ලබන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම හා ඒ සම්බන්ධ දිස්ත්‍රික් ලේකම් වෙත ඉදිරිපත් කිරීම හා ඊට අදාළ
නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම. - දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් කාර්තු වශයෙන් පැවැත්වීම සම්බන්ධව සම්බන්ධීකරණය සහ කැඳවුම්කරු වශයෙන් කටයුතු කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් සම්බන්ධව කමිටු සාමාජිකයෙකු ලෙස සහභාගී වීම.
- අවශ්‍ය අවස්ථාවලදී විශේෂ විමර්ශන සහ විශේෂ විගණන කටයුතු සිදුකිරීම.
- දිස්ත්‍රික් ලේකම් විසින් පවරනු ලබන වෙනත් රාජකාරී.
අභ්‍යන්තර කටයුතු ඒකකය

එම්. ඒ. එස්. කාංචනා ගුණවර්ධන මිය
සම්බන්ධිකරණ නිලධාරියා
දුරකථන අංකය : 011 2369136
Whatsapp අංකය : 070 7369136
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කොළඹ දිස්ත්‍රික්කය තුළ සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 තුළ මහජනතාවට සපයනු ලබන සේවාවන් පිළිබඳ නොවිසඳුණු පැමිණිලි, අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමසීම් සඳහා විසඳුම් ලබා දීමේ අරමුණින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කර ඇත.

ගිනි අවි බලපත්‍ර අංශය
ගිනි අවි බලපත්‍ර අංශයෙන් සිදු කරන ලබන කාර්යයභාරයන්.
01.කෘෂිකාර්මික කටයුතු (වගා ආරක්ෂක සහ සත්ත්ව පාලනය) සහ කෘෂි කාර්මික නොවන කටයුතු සඳහා (දේපළ ආරක්ෂාව සහ පෞද්ගලික ආරක්ෂාව) නව ගිනි අවි බලපත්‍ර නිර්දේශ කිරීම.
02. ගිනි අවි බලපත්‍ර වාර්ෂිකව අලුත් කිරීම.
03. ගිනි අවි අධිකාරීත්වය මාරු කිරීම (සිවිල් සහ ආයතන)
04. නැති වූ ගිනි අවි වලට නැතිවීම් සහතික නිකුත් කිරීම.
05. ගිනි අවි කෞතුක භාණ්ඩයක් ලෙස ලබා ගැනීමට අදාළ කටයුතු සිදු කිරීම.
06. ගිනි අවි නැවත රජයට භාර ගැනීම.
07. රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මුරකරු බලපත්‍ර සඳහා බලය පැවරීම.
08. දි.ලේ. කාර්යාලය භාර ගත් ගිනි අවි විකිණීම.
09. අබලන් ගිනි අවි වෙනුවට නව ගිනි අවි නිකුත් කිරීම.
10. ගිනි අවි පැවරීම.
11. රජයට භාර ගත් ගිනි අවි තන්සේරු කිරීම.
12. මුරකරු බලපත්‍ර නිකුත් කිරීම.
13. ගිනි අවි අලුත් වැඩියා කිරීම.
2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත් ලබා ගැනීමට මෙම සබැඳියට පිවිසෙන්න.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
![]() |
|

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පිලිබඳ හැඳින්වීම
දැක්ම - තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්ව හා ව්‍යවසාය සංවර්ධනය
මෙහෙවර - ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා උපරිම දායකත්වය ලබා දීමo ව්‍යවසායක ක්ෂේත්‍රය වෙත ප්‍රවේශ වීමට රැකියා විරහිත තරුණයින් දිරිගැන්වීම තරුණ ප්‍රජාව තුළ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීමo ව්‍යාපාර කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිදියුණු කිරීමo ව්‍යාපාර සංවර්ධනය සඳහා අනුග්‍රාහක සේවා සැපයීම
අරමුණු
• තරුණ ව්‍යවසායක හැකියාවන් වර්ධනය කිරීම තුළින් "දේශීය ව්‍යවසායකත්ව සංස්කෘතිය" නිර්මාණය කිරීම
• නව රැකියා අවස්ථාවන් හදුනා ගැනීම සහ ව්‍යවසායන් ආරම්භ කිරීමට මග පෙන්වීම තුළින් තරුණ තරුණියන්ගේ ජීවන තත්වයන් ඉහල නැංවීම
• තරුණ ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීම තුළින් තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ලබා දීම සහ ආදායම් වර්ධනය කිරීම.
• ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවල ඵලදායීතාව සහ පැවැත්ම සහතික කිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීම
අපේ ගමන් මග1982 වර්ෂයේදී යෞවන කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යංශයයටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ස්ථාපිත කරන ලද අතර, රටේ ආර්ථික සංවර්ධනය සඳහා විභවතාවන් පවතින ක්ෂේත්‍රයන්හි නව ව්‍යවසායකයින් ඇතිකිරීම සඳහාත්, දැනටමත් පවතින කුඩා ව්‍යාපාර වර්ධනය කිරීම සඳහාත් සුදුසු වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇත. වර්තමානයේ එය තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අතර දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි ව්‍යවසායකයින් සඳහා සේවා සැපයීම වෙනුවෙන් ස්ථාපිත කර ඇත.
කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්යභාරය
- විභවතාවයන් සහිත ක්ෂේත්‍රයන් තුළ නව ව්‍යාපාර ආරම්භ කිරීමට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට සහාය වීම
- දිස්ත්‍රික්කය තුල දැනටමත් පවතින ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය සේවාවන් හා පහසුකම් සැලසීම
කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රධාන ඒකකව්‍යවසායකත්වය කේන්ද්‍ර කරගත් සේවාවන් සැපයීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ප්‍රධාන ඒකක 6ක් යටතේ ක්‍රියාත්මක වෙයි.
- ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය
- අලෙවිකරණ සංවර්ධන ඒකකය
- මුල්‍ය හා සහාය සේවා ඒකකය
- ව්‍යාපාර උපදේශන ඒකකය
- තාක්ෂණය හා නව්‍යකරණය ඒකකය
- පර්යේෂණ හා සංවර්ධන ඒකකය
මාසික වැඩසටහන - ---
දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලය
|
|
ජේ. කේ. කේ. රුවන්මලී මහත්මිය සහකාර අධ්‍යක්ෂ (දි.ඉ.ප.) දුරකථන අංකය-0112 369148 |
වසර 1983 දී ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ඒකකයක් ලෙස මුලින්ම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් අංශය ආරම්භකරන ලද අතර පසුව මෙම අංශය වසර 2010 දී දෙපාර්තමේන්තුවක් බවට පත්කරන ලදී. 2007 වසරේදී කැබිනට් අනුමැතිය ලද ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියට අනුව මෙම දෙපාර්තමේන්තුවේ කාර්යයන් සිදු කෙරේ.
මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාල සෑම දිස්ත්‍රික්කයකම පිහිටා ඇත. ඉඩම් පරිහරණ සැලසුම් කටයුතු ක්ෂේත්‍ර මට්ටමේ දී ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් විසින් සිදු කරනු ලබන අතර ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් කාර්යාලවලට අනුයුක්තව සේවය කරයි. දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාල ප්‍රධානී සහකාර අධ්‍යක්ෂ (දිස්ත්‍රික් ඉඩම් පරිහරණ) මගින් ඉඩම් පරිහරණ සැලසුම් කටයුතු මගපෙන්වීම හා අධීක්ෂණය කිරීම සිදුකරනු ලබයි.
දැක්ම
ශ්‍රී ලංකාවේ භූමි සම්පත ප්‍රශස්ත සහ තිරසාර ලෙස කළමණාකරණය කිරීම
මෙහෙවර
පාරිසරික සමතුලිතතාවය සහ තිරසාරභාවය පවත්වා ගනිමින් ඉඩම් සම්පත් ප්‍රශස්ත ලෙස උපයෝගී කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, සැලසුම් සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැපයීම.
2025 වර්ෂයේ අපගේ කාර්යයන් හා සේවාවන්
- දිස්ත්‍රික් ඉඩම්පරිහරණ සැලැස්ම සැකසීම
- ක්ෂේත්‍ර පරීක්ෂාව මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රධාන ඉඩම් පරිහරණ වෙනස්කම් හඳුනාගැනීම හා පවතින ඉඩම් පරිහරණ තොරතුරු දිස්ත්‍රික්කයට අදාලව කාණ්ඩ කර දැක්වීම.
- සිතියම් සැකසීම සහ පරිගණකගත කිරීම.
- පස හා ජල සංරක්ෂණය තුළින් ඌණ පරිහරණ කෘෂිකර්මික බිම්වල ඵලදායීතාවය ඉහල නැංවීම
- වර්ෂයේ කඩුවෙල, සීතාවක හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරී වසම් 03 ක තෝරාගත් ඉඩම් කට්ටි 36 ක පස හා ජල සංරක්ෂණය තුළින් ඌණ පරිහරණ කෘෂිකාර්මික බිමි වල ඵලදායීතාවය ඉහළ නැංවීම සදහා අවශ්‍ය දැනුවත් කිරීම් හා පස ජල සංරක්ෂණ කටයුතු ක්ෂේත්‍රයේ ක්‍රියාත්තමක කිරීමේ කටයුතු සිදු කරනු ලැබේ.
- ග්‍රාමීය ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීම
- 2025 වර්ෂයේ කැස්බෑව හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් 02ක් සදහා සහභාගීත්ව ගැමි ප්‍රවේශය භාවිතයෙන් ග්‍රාමීය සැලසුම් සකස් කිරීම.
- වැවිලි සමාගම් සතු තේ සහ රබර් ඉඩම් ආශ්‍රිතව ( ඉඩම තුල හා කි.මී 01ක ආරක්ෂිත කලාපය ඇතුලත ) වනාන්තර ඉඩම් සහ සියළුම ජෛව විවිධත්වයකින් යුත් භූමිපරිහරණ වර්ග සිතියම්ගත කිරීමේ වැඩසටහන.
- ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම
- සිතියම් සැකසීම සහ පරිගණකගත කිරීම
- විද්‍යාත්මක ඉඩම් පරිහරණ සැලසුම්කරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත් වීම
- ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටු පැවැත්වීම
- දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටු පැවැත්වීම
කොළඹ දිස්ත්‍රික් ග්‍රාම නිලධාරී මායිම්

කොළඹ දිස්ත්‍රික් ඉඩම් භාවිතය


මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අංශය
![]() |
දිල්රුක් පට්ටියවෙල මහතා තනතුර : සහකාර මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අධිකාරි |
කාර්ය භාරය
- වෙළදුන් සතුව ඇති වෙළදාමට භාවිතා කරන කිරුම් පඩි, මිමි, කිරුම් සහ මිණුමි උපකරණ වාර්ෂිකව සත්‍යෙක්ෂණ කිරීම සහ සත්‍යෙක්ෂණ ළකුණින් පරීක්ෂකවරයෙකු මුද්‍රා තැබීම
- ලේකම් කාර්යාලයකම (දිස්ත්‍රික්කය තුළ) වෙළදුන්ගේ කිරුම් සහ මිණුම් උපකරණ සත්‍යෙක්ෂණ කොට මුද්‍රා තැබීම සඳහා මුද්‍රා තැබීමේ මධ්‍යස්ථාන සංවිධානය කිරීම.
- දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සෑම ප්‍රාදේශීය
ඉන්ධන පිරවුම්හල් වල ඇති ඉන්ධන නිකුත් කරන උපකරණ වාර්ෂිකව සත්‍යෙක්ෂණ කොට මුද්‍රා තැබීම. - වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථානවල ඇති වායු විමෝචනය පරීක්ෂන කෙරෙන උපකරණවල ද්‍රව්‍ය සංයුතිය පරික්ෂා කිරීම සහ වාර්ෂිකව සත්‍යෙක්ෂණ කිරීම.
- කර්මාන්තශාලා වල ඇති කිරුම් උපකරණ සහ මිණුම් උපකරණ ද එහි භාවිතා කරන ව්‍යවස්ථාපිත මිමි වාර්ෂිකව සත්‍යෙක්ෂණ කොට මුද්‍රා තැබීම.
- 1995 අංක 35 දරණ මිණුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ නෛතික ප්‍රතිපාදන උල්ලංඝනය කරන වංචනික වෙළදුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා වැටලීම් සිදුකිරීම. (37,42,38,46,51,(6) වගන්තීන්)
- ඉහත සඳහන් කල නෛතික ප්‍රතිපාදන උල්ලංඝනය කරනවෙළදුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම.
- මුද්‍රා තබන ලද ඒකක ගණන - 34954
- මුළු ආදායම - Rs..9130207.50
- අවසන්වූ නඩු සංඛ්‍යාව -76
- දඩමුදල - Rs.148500.00
මෙහෙවර
"මිනුම් මත පදනම් වූ සේවා සහ නියාමන ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිෂ්පාදකයන්, වෙළෙන්දන්, මිනුම් විද්‍යා හෝ වෙනත් සේවා සපයන්නන් සහ පාරිභෝගිකයන්ගේ සමානත්වය හා යුක්තිය තහවුරු කරන, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූ ජාතික මිනුම් ප්‍රමිතීන් ස්ථාපනය කිරීම, පවත්වාගෙන යාම හා ඒවා ප්‍රචලිත කිරීම මඟින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම."
දැක්ම
""මනා ලෙස සුරැකි පාරිභෝගික ප්‍රජාවක් සඳහා නිවැරදි හා විශ්වාසනීය මිනුම්""
1995 අංක 35 දරණ මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා පනතේ විධිවිධාන යටතේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකාව තුළ ජාතික මිනුම් ප්‍රමිති ස්ථාපිත කිරීම, පවත්වාගෙන යාම සහ බෙදා හැරීම සහ මිනුම් සොයා ගැනීමේ හැකියාව ප්‍රචලිත කිරීම දෙපාර්තමේන්තුවේ අරමුණයි. එය වෙළඳාම, කර්මාන්ත, විද්‍යාව, සෞඛ්‍යය, ආරක්ෂාව සහ පාරිසරික ආරක්ෂාව සඳහා නීතිමය මිනුම් විද්‍යාත්මක රාමුව ද සපයයි.
පාරිභෝගික පැමිණිලි සහ කිරුම් හා මිනුම් උපකරණ සත්‍යෙක්‍ෂණ හා මුද්‍රා තැබීම් තොරතුරු සඳහා විමසන්න.දුරකථන අංකය : 011 - 2500987

අඩු බර පාන් වැටලීම
දිනය : 2022.08.01
ස්ථාන : තල්වතුගොඩ අවට, පන්නිපිටිය ප්‍රදේශය
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජන හා සංඛ්‍යාලේඛන අංශය
|
|
ටී. ඩි. එම්. එස්. ඩි. පෙරේරා මහතා |
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව - වෙබ් අඩවිය ...
කාර්යභාරය
- සංගණන කටයුතු
- සමීක්ෂණ කටයුතු
- සාමාන්‍ය දත්ත රැස් කිරීමේ කටයුතු
- වාර්ෂික සංඛ්‍යාලේඛන අත්පොත සකස් කිරීම
- විශේෂ දත්ත රැස් කිරීම් කටයුතු
සංගණන කටයුතු
- ජන හා නිවාස සංගණනය
- කෘෂිකාර්මික සංගණන
- කර්මාන්ත සංගණනය
- වෙළද හා සේවා සංගණනය
සමීක්ෂණ කටයුතු
- වී අස්වැන්න ඇස්තමේන්තු කිරීම
- ශ්‍රම බල සමීක්ෂණ කටයුතු
- ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණය
- වාර්ෂික කර්මාන්ත සමීක්ෂණය
- ත්‍රෛ මාසික කාර්මික නිෂ්පාදන සමීක්ෂණය
- වාර්ෂික ඉදිකිරීම් කර්මාන්ත සමීක්ෂණය
- පොල් නිෂ්පාදන වියදම් සමීක්ෂණය
සාමාන්‍ය දත්ත රැස් කිරීම් කටයුතු (සතිපතා/මාසිකව/කන්න/කාර්තු/වාර්ෂික වශයෙන්)
- වී සංඛ්‍යාලේඛන
- ගොඩ ගොවිතැන් සංඛ්‍යාලේඛන
- සතුන් පිළිබද සංඛ්‍යාලේඛන
- මස් පිණිස මරණ ලද සතුන්ගේ සංඛ්‍යාලේඛන
- ගොඩනැගිලි සංඛ්‍යාලේඛන
- පළාත් පාලන ආයතන සංඛ්‍යාලේඛන
- නාගරික සිල්ලර මිල රැස් කිරීම
වාර්ෂික සංඛ්‍යාලේඛන අත්පොත සකස්කිරීම
- ප්‍රා.ලේ. කොට්ඨාශවලට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් මගින් අදාල යාවත්කාලීන ප්‍රාදේශීය දත්ත ලබා ගෙන එමගින් මෙම අත්පොත සකස් කිරීම
විශේෂ දත්ත රැස් කිරීම් කටයුතු
- දෙපාර්තමේන්තුව විසින් පවරන ලද වෙනත් විශේෂ සමීක්ෂණ කටයුතු සහ දත්ත රැස් කිරීමේ කටයුතු
- නිදසුන් :- ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳ ගුණාත්මක සමීක්ෂණය - 2012 අගෝ:/සැප්:
- ජාත්‍යන්තර මිල සංසන්ධණාත්මක වැඩ සටහන
පුපුරණ ද්‍රව්‍ය අංශය
![]() |
ප්‍රසාද් පතිරණ මහතා සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
- පුපුරන ද්‍රව්‍ය විෂය හා සම්බන්ධ කාර්යයන් .
මෙම විෂය යටතේ කාර්මික පුපුරන ද්‍රව්‍ය භාවිතා කිරීමට අදාලව පුපුරන ද්‍රව්‍ය අවසරපත්‍ර හෝ පුපුරන ද්‍රව්‍ය බලපත්‍රයන් නිකුත් කරනු ලබයි.
- පුපුරන ද්‍රව්‍ය අවසරපත්‍රයන් නිකුත් කිරීම.
අ) ව්‍යාපාරිකව සිදු කරනු ලබන කැණීම් කාර්යයන් වලදී අවශ්‍ය වන පුපුරන ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය අවසරපත්‍ර නිකුත් කිරීම.
උදා - කළුගල් කර්මාන්තය
ආ) ව්‍යාපාරික නොවන මට්ටමින් සිදු කරනු ලබන කැණීම් වලදී පුපුරන ද්‍රව්‍ය භාවිතා කරයි නම් මේ සඳහා ද අවසරපත්‍ර නිකුත් කරනු ලබයි.
උදා - ඉඩමක් සංවර්ධනය කිරීමේදී බාධාකාරි ගල් පුපුරවා ඉවත් කිරීමට.
ගෙපලක්/ළිඳක් කැණිමේදී මතුවන බාධාකාරි ගල් පුපුරවා ඉවත් කිරීමට.
ඇ) විවිධ කර්මාන්තයන් සඳහා (කැණීම් සිදු නොකරන කර්මාන්ත) අවශ්‍ය වන පුපුරන ද්‍රව්‍ය විෂයට ගැනෙන රසායනික ද්‍රව්‍යන් භාවිතා කිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය අවසරපත්‍ර නිකුත් කිරීම.
උදා - ආයුර්වේද නිෂ්පාදන සඳහා
තීන්ත නිෂ්පාදනය සඳහා
මදුරු කොයිල් නිෂ්පාදන සඳහා
රබර් ආශ්‍රිත නිෂ්පාදනයන්
අත්මේස් නිෂ්පාදනයන් වැඩි විස්තර
අ) ගිනිකෙලි භාණ්ඩ නිෂ්පාදනය සඳහා
ආ) ගිනිකෙලි භාණ්ඩ සැපයීම සඳහා
ඇ) පුපුරන ද්‍රව්‍ය සැපයීම සඳහා
ඈ) පුපුරන ද්‍රව්‍ය ආනයනය සඳහා ආනයන බලපත්‍ර
ඉ) පුපුරණ ද්‍රව්‍ය අපනයනය සඳහා අපනයන බලපත්‍ර
- පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර අංශයේ වීශේෂ කාර්යන්
අ) විවිධ හේතුන් නිසා පවත්වනු ලබන පරීක්ෂණ පිපිරවීම් සඳහා සහභාගිවීම හා අවශ්‍ය නිර්දේශයන් ලබා දීම.
ආ) මෙරටට ගෙන්වනු ලබන සමහර පුපුරන ද්‍රව්‍යන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීමට අදාල පරීක්ෂණ කටයුතු සඳහා දායක වීම.
ඇ) මෙම පුපුරන ද්‍රව්‍යන් යොදාගනිමින් අදාල කර්මාන්තශාලාතුලදී ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු කිරීම.
ඈ) ගිණිකෙළි කර්මාන්තය සඳහා හා කැණීම් කර්මාන්තය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම වෙනුවෙන් වැඩමුළු පැවැත්වීම.
ඉ) විවිධ කර්මාන්තයන්ගේ අවශ්‍යතාවන් සඳහා භවිතා කර කල්ඉකුත් වූ නැවත භාවිතයට ගත නොහැකි කාර්මික පුපුරන ද්‍රව්‍යන් ආරක්ෂාකාරීව විනාශ කිරීමේ කටයුතු.
ඊ) කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කාර්යන් සඳහා නිකුත් කර ඇති පතරොම් තුවක්කු සඳහා පතුරොම් වාරික නිකුත් කිරීම.
ඩී.එම්.එස්.මධුරංගනි මිය
සංවර්ධන නිලධාරී III
- පුපුරන ද්‍රව්‍ය පනතට අනුව හෝමාගම හා කඩුවෙල කොට්ඨාසවල නිකුත් කරනු ලබන පුපුරන ද්‍රව්‍ය අවසරපත්‍රයන් හා සම්බන්ධ රාජකාරි
- අදාළ කොට්ඨාසවල පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර හා සම්බන්ධ රාජකාරී
- හෝමාගම හා කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල අවසරපත්‍රලාභීන් ගේ වාරික ලිපි නිකුත්කිරිම.
- ගිනි අවි බලපත්‍රලාභීන් වෙත පතරොම් සඳහා වාරික ලිපි නිකුත් කිරිම.
කේ.එච්.ඒ.ඩී.ධම්මසේන මිය
සංවර්ධන නිලධාරී III
- පුපුරන ද්‍රව්‍ය පනතට අනුව නිකුත් කරනු ලබන සිතාවක හා පාදුක්ක පුපුරන දුව්‍ය කොට්ඨාසවල නිකුත් කරනු ලබන අවසරපත්‍රයන් හා සම්බන්ධ රාජකාරි.
- අදාළ කොට්ඨාසවල පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර හා සම්බන්ධ රාජකාරී
- සිතාවක හා පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල අවසරපත්‍රලාභීන් වාරික ලිපි නිකුත්කිරිම.
අපව අමතන්න - 0112- 369158
WhatsApp මාර්ගය හරහා - 071-8378808
පර්යේෂණ සහ සන්නිවේදන අංශය
දැක්ම
"Smart Colombo"
පර්යේෂණ හා සන්නිවේදන අංශය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය යාවත්කාලීනව පවත්වාගෙන යෑම , කාර්යාලයේ තැපැල් පද්දතිය පවත්වාගෙන යෑම , ආයතනය තුල ජාල පද්ධතිය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රසම්පාදන කටයුතු වලට සහය වීම ඇතුලුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් කළමනාකරණය පිළිබඳ වගකීම දැරීම මෙම අංශයෙන් කරනු ලබයි.
කාර්යයන්
1. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය නඩත්තුව හා සංවර්ධනය.
2. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අංශ වල කාර්ය මණ්ඩලය සඳහා අන්තර්ජාල පහසුකම් සහ දෘඩාංග සහ මෘදුකාංග සම්බන්දව පැන නගින ගැටළු සඳහා සහය වීම .
3. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා ඔවුන්ට පුහුණුව ලබාදීම හා සම්බන්ධ කටයුතු.
4. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අංශ සඳහා අවශ්‍ය දත්ත පද්ධති හා මෘදුකාංග සංවර්ධනය.
5. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිගණක නඩත්තුව හා ආයතනය තුල ජාල පද්ධතිය (Local Area Network) නඩත්තුව.
6. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වනු ලබන රැස්වීම් සහ උත්සව අවස්ථා සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ සහය ලබාදීම.
|
නම |
තනතුර |
අමානී වික්‍රමනායක මෙය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී |
සංජීවනී දිල්රුක්ෂි මිය |
සංවර්ධන නිලධාරී (තොරතුරු තාක්ෂණ) |
සහන් දිල්ෂාන් මයා |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර |
කිශාන් උදේශන මයා |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර |
මාධ්‍ය ඒකකය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් මීට වසර 12කට ඉහතදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මාධ්‍ය ඒකක පිහිටුවන්නට යෙදුණි. ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල මෙම ප්‍රවෘත්ති අංශ ස්ථාපිත කළේය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නමින් ප්‍රවෘත්ති අංශයක් පිහිටුවිය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මඟින් රජය බලාපොරොත්තුවූයේ දිස්ත්‍රික්කයේ සිදුවන සංවර්ධන කටයුතු සම්බන්ධව ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් ජනතාව අතරට ගෙනයාමය. රජය මඟින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම මෙමඟින් බලාපොරොත්තු විය. මේ සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදාගැනීම සිදු විය.
කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සදහා යොදා ගැනෙන විමධ්‍යගත පළාත්සභා හා වෙනත් ප්‍රතිපාදන යොදාගෙන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හි ප්‍රගතිය එහි ගැටළු සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ දත්ත හඳුනාගෙන ඒවා සියලුම මාධ්‍යවලට ලබාදීම මෙම අංශය මඟින් සිදුකරනු ලබන ප්‍රමුඛතම කාර්යයකි. විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ මෙහෙයුම හා අධීක්ෂණය යටතේ පවත්වනු ලබන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් හා සම්බන්ධීකරණ කමිටු රැස්වීම් යනාදියට සහභාගී වී එහි තොරතුරු ලබා ගැනීම සිදු කෙරේ. දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සම්බන්ධීකරණය කර අදාල තොරතුරු ලබා දීමට ද කටයුතු කරයි. එසේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 හිම පැවැත්වෙන රැස්වීම් වැඩමුළු හා උත්සව සම්බන්ධීකරණය කර එම තොරතුරු මාධ්‍යවලට ලබාදීම ද මෙහි තවත් කාර්යයකි.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් දිසාපතිවරයාගේ අනුදැනුමට යටත්ව පහත සදහන් කාර්යයන් ඉටු කරනු ඇත.
• සියලු කමිටු රැස්වීම් ආවරණය කිරීම හා තොරතුරු මාධ්‍ය වලට නිකුත් කිරීම
• කොළඹ දිස්ත්‍රික් ක්‍රමෝපායන් සංවර්ධන සැලැස්ම පිළිබඳ පැවති සියලුම වැඩමුළු ආවරණය කිරීම
• කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත විවිධ අංශ වල සංවර්ධන ක්‍රියාකාරකම් හා සම්බන්ධීකරණය වීම හා අදාළ වාර්තා මාධ්‍ය වලට නිකුත් කිරීම
කාර්යභාර නිලධාරි : ටී. එම්. ටී. එස්. බණ්ඩාර, ප්‍රවෘත්ති නිලධාරි
දුරකතන අංකය : 0112 370 675
විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it./ This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය
මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව
දැක්ම
වෙනස්වන වැඩ ලෝකය තුළ අපගේ ගණදෙණු කරුවන්ට ජයග්‍රහනය කිරිමට හැකිවන පරිදි නව්‍ය ශ්‍රමබලකායේ විසදුම් සහ සේවාවන් නිර්මාණය කිරිම සහ බෙදාහැරිම සඳහා නායකත්වයදීම
මෙහෙවර
සේවා යෝජකයාගේ තෘප්තිය ,පාර්ව කරුවන්ගේ වටිනාකම,කලාත්මක මානව සම්පත් ප්‍රවර්ධනය හා සංවර්ධනය කිරිම සඳහා නායකත්වය ලබා ගැනිම කෙරෙහි අවධානය යොමු කරමින් ගුණාත්මක වැඩ, ආචාර ධර්ම ,සංස්කෘතිය සහතික කරන අතරම ඵලදායි මානව සම්පත් ප්‍රග්ධනයක් සංවර්ධනය කිරිම
හැදින්වීම
කොළඹ දිස්ත්‍රික්කයේ මානව සම්පත තුළ තිබෙන ශක්තීන් හා හැකියාවන් හදුනාගැනිම,වෘත්තීය මර්ගෝපදේශනය ,රැකියා සඳහා බලගැන්වීම මගින් ශක්තිමත් ශ්‍රමබලකායක් ගොඩනැගිම අරමුණු කරගෙන කොළඹ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය ස්ථාපිත කර ඇත.
අපගේ සේවාවන් ලබාගැනිම සඳහා පහත පරිදි අප හා එක්වන්න.
www.dome.gov.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වීම.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව යොමු කිරිම.
කොළඹ දිස්ත්‍රික්කය ලේකම් කාර්යාලයේ රැකියා කේන්ද්‍රය වෙත පැමිණිම හෝ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරි හමුවීම.
සේවාවන් ලබා ගැනිම සඳහා අමතන්න.0112-369258





































