අධිකරණ අමාත්‍යාංශය

රාජකාරි විස්තර

1.කොළඹ දිස්ත්‍රික්කය තුළ සමථ මූල මණ්ඩල 13 හි  වසර 03න් 03ට නව සාමාජිකයන් තෝරාපත්කර ගැනීමට පෙර දින  5ක සමථකරණ දක්ෂතා සහ ශිල්පීය උපක්‍රම සහිත  පුහුණුව ඉටුකිරිම.

එහිදී,

 ස.ම.කො සභාව වෙතින් ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම.

අදාල ප්‍රා.ලේ.කා සමඟ සාකච්ඡාකර ප්‍රධාන ශාලාව වෙන් කර දින වෙන් කර පුහුණුව සංවිධානය කර ගැනීම.

පුහුණුවේදී සම්පත් දායකත්වය ලබාදීම.

පුහුණුකරුවන් ඇගැයීම සහ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම හා අගැයීම් ලේඛන සකසා සමථකරුවන් ලෙස නිර්දේශ ලබාදීම

2.කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින සමථ මූල මණ්ඩල සති අන්තයේදී අධීක්ෂණය කිරීම.

3.සමථ මූල මණ්ඩල 13හි  සභාපතිවරුන් මඟින්  ආරවුල් පිළිබඳ දත්ත නිවැරිදි කර  ලබාගෙන මාසිකව දිස්ත්‍රික් වාර්තාව සකස් කිරීම.

4.සමථකාරවන්  තෝරාපත් කර ගැනීමට වන  පුහුණුව සදහා යොමු කිරීමට පෙර පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයන්ට සාමාජිකයෙක් ලෙස සම්බන්ධවීම.

5.සමථකරුවන් සදහා වැඩිදුර එක් දින දැනුම්වත්කිරීම.

විශේෂ සමථකරණ ක්ෂෙත්‍ර පිළිබඳ දැනුම ලබාදීම.

සභාපතිවරුන් සදහා ආරවුල්වල දත්ත සටහන් කිරීම හා  එහිදී ඇතිවන ගැටළු පිළිබඳ වන වැඩමුළු ඉටුකිරීම.

6.සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් සමථකරුවන් පිළිබඳ යොමුකරනු ලබන පෙත්සම් පිළිබඳ වාර්තා ලබාදීම.

7.සමථ වැඩසටහන් නිලධාරී සහ සංවර්ධන නිලධාරී (සමථ) සහභාගිකරවා ගෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ප්‍රගතිය සමාලෝචනය කිරීම හා සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට සම්බන්ධවී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රගතිය පිළිබඳ විස්තර ඉදිරිපත්කිරීම.

  1. 8. සමථකරණ කටයුතු සම්බන්ධව කොළඹ දිස්ත්‍රික්කය තුළ පොලිස්ස්ථාන, උසාවි, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා වෙනත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සමඟ අවස්ථානුකූල ලෙස සම්බන්ධීකරණය සිදුකිරීම.
  2. 9. කොළඹ දිස්ත්‍රික්කය තුල පාසැල් තුළට සමථකරණය හදුන්වාදීම.

10.නීති විද්‍යාල අවසන් වසර සිසුන්ට සමථකරණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළු පැවැත්වීම සහ එහි සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම.

ඉඩම් සමථ මණ්ඩල පිහිටුවීම - කොළඹ

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අභ්‍යාසලාභීන් ඇමතීමේ ආරම්භක දිනය

1