කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

දිස්ත්‍රික් නිලධාරී  - නාමල් බණ්ඩාර - 0702845301

 

විදේශ රැකියා අංශයේ කාර්යභාරය

  1. විදේශ ගත වීමෙිදි දරුවන්ගේ රැකවරණය සහ පවුල්  පසුබිම් තොරතුරැ වාර්තාව නිර්දේශ  සම්බන්ධ  කාර්යයන් සහ රැකවරණ සැලසුම් ක්‍රියාවට නැංවීමේ කාර්යන් අධීක්ෂණය.
  2. ශ්‍රමික සුරැකුම වැඩසටහනට ක්‍රියාවට නැංවීම.
  • ශ්‍රමික සුරැකුම වැඩසටහනට විගමනික පවුල් වල සමාජිකයන් බඳවා ගැනීම හා සමාජවාර්තා සැකසීම.
  • මැදිහත්වීමට අවශ්‍යය පවුල් වලට පවුල් සංවර්ධන සැලසුම් සැකසීම, ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරිම.
  • අවධානම් සහගත දරුවන් සඳහා රැකවරණ සැලසුම් සැකසීම.

    3. විගමනික පවුල් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් ක්‍රියාත්මක කරන පහත සඳහන් ක්ෂේත්‍රයන් යටතේ වැඩසටහන් සඳහා සහය දැක්වීම.
  • විගමනික පවුල් වලට හා දරුවන් වෙනුවෙන් සුභසාධනය/අධ්‍යාපනය/ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්.
  • විදේශ රැකියා සිදුකර මෙරටට පැමිණි ශ්‍රමිකයන් නැවත සමාජගත කිරීම.

    4. විගමනික ශ්‍රමිකයන්, ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් හා ප්‍රජාව සඳහා සුරක්ෂිත ශ්‍රමික විගමනය ප්‍රවර්ධනය, දරුවන්ගේ සුභසාධනය, අධ්‍යාපනය රැකවරණයට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විම.

    5. අමාත්‍යාංශය මඟින් හා විගමණික පවුල් සාමාජින් මගින් යොමු කරන පැමිනිලි සඳහා අදාල අංශ සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකිරිම.

    6. විදේශ ගත රැකියා සඳහා යාමට අපේක්ෂිත පුද්ගලයන් වෘත්තීය පුහුණු සඳහා යොමු කිරිම. 

    7. පවතින විදේශ ගත රැකියා රැකියා අවස්ථාවන් ප්‍රවර්ධනය කිරිම සඳහා අවශ්‍ය දැනුවත් කීරීම සහ රැකියා පොල සංවිධානය කිරිම.


    සේවාවන් සහ තොරතුරු ලබාගැනීම සදහා
  • දිස්ත්‍රික් සබන්ධීකාරක       -  070-2845301
  • විදේශ සේවා නියුක්ති කර්යාංශය - 1989

වෙබ් අඩවිය                        - slbfe.lk

ජපන් රැකියා තොරතුරු           - slbfe.lk   - OTIT/TITP සහ SSW JAPAN

වෙනත් රටවල් වල රැකියා       -  slbfe.lk - HOT JOBS/ FOREIGN JOB VACANCIESHOT JOBS/ FOREIGN JOB VACANCIES

පැමිණිලි සදහා                      - slbfe.lk  - ONLINE COMPLAIN



විදේශ සේවා නියුක්ති කර්යාංශය මගින් පවත්පවත්වන පුහුණු පාඨමාලා පිළිබඳ තොරතුරු සදහා


පන්නිපිටිය  පුහුණු මධ්‍යස්ථානය      - 011-2 846904

මතුගම බස්නාහිර පළාත් කාර්යාලය  - 034 -2 247188

 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් රැකියා සඳහා විදේශගතවීමට වීමට බලපොරොත්තු වන කාන්තාවන් සදහා බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවල පවුල් පසුබිම් තොරතුරු ලබාගැනීම සඳහ නිකුත් කල නව උපදෙස්  මාලාව

රැකියා සදහා විදේශගත වීමට බලාපොරොත්තු වන කාන්තාවන්ගේ පවුල් පසුබිම පිළිබඳ ලබාදිය යුතු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් කරන ලද සියලුම චක්‍රලේඛ සහ ලිපි මඟින් ලබා දෙන ලද උපදෙස් සියල්ල මෙයින් අවලංගු කරන අතර  2022 ජුනි මස 27 දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක  කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් විසින් 01/2002 චක්‍රලේඛ අංක යටතේ පහත උපදෙස් නිකුත් කරන ලද අතර මෙහි  විධි විධාන 2022 ජූලි මාස 12 දින සිට ක්‍රියාත්මක වේ.

01 රැකියාවක්  සදහා විදේශගත වීමට  අපේක්ෂිත  සියලුම කාන්තාවන් විසින් තමන්ගේ සිටින/ නොසිටින  බව හා වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි වයසැති දරුවන් සිටින කාන්තාවන් විසින් එම දරුවන්ගේ රැකවරණය හා අධ්‍යාපනය සැලසීම අදාළ වැඩපිළිවෙල දිවුරුම් ප්‍රකාශ මගින් තහවුරු කළ යුතු වේ.

02 එහිදී දරුවන් නොමැති කාන්තාවන් විසින් තමන්ට දරුවන් නොමැති බව ඇමුණුම 1 හි සඳහන් ආකෘති පත්‍රය ප්‍රකාරව ද , වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි වයසැති දරුවන් සිටින කාන්තාවන් විසින් එම දරුවන්ගේ රැකවරණය හා අධ්‍යාපනය සැලසීමට අදාල වැඩපිළිවෙළ සහ දිවුරුම් ප්‍රකාශ ඇමුණුම දෙකේ හි සඳහන් ආකෘති පත්‍රය ප්‍රකාරව ද ලබා දිය යුතු වේ.

03 මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ කාර්යන් සඳහා දරුවා යන්නෙන් අදහස් කරනුයේ වයස අවුරුදු 18 ට අඩු අවිවාහක දරුවන් පමණි.

04 වයස අවුරුදු 2 ට අඩු දරුවන් සිටින කාන්තාවන්ට  රැකියාවක් සඳහා විදේශගත වීමට අවසර දෙනු නොලැබේ.

05 තාව ද , ඉහත ඇමුණුම් 1 හා 2 හි සඳහන් කැරුණු වල නිරවද්‍යතාවය අයදුකාරිය පදිංචි වසමෙහි ග්‍රාම නිලධාරී ලව සහතික කර , අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දිය යුතුය.

06 විදේශගත වීමට  අපේක්ෂිත  සියලුම කාන්තාවන්ගෙන් මෙම ලියකියවිලි ලද පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිටින විදේශ රැකියා සංවර්ධන නිලධාරී විසින් එය ලද බවට කෙටි පණිවුඩයක් (SMS) මඟින් විදේශ සේවා නියුක්ති කර්යාංශයයෙහි දුරකථන අංක 071- 4757070 ට වාර්තා කල යුතු වේ. තවද , මෙම SMS පණිවුඩය අදාළ  ලියකියවිලි ලද දිනයේදීම එවීම අනිවාර්ය වේ.

07 අදාළ කාන්තාව විදේශ ගතවන කාල සීමාව තුලදී දරුවන්ගේ රැකවරණය හා අධ්‍යාපනය පිළිබඳ වගකීම දරණ පුද්ගලයා විසින් තමන් එහි වගකීම දරණ බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දිය යුතු වේ.

08 අදාල කාන්තාව විදේශ රැකියාව අවසන් කර මෙරටට පැමිණෙන තුරු දරුවන්ගේ රැකවරණය දරන තැනැත්තා රැකියාවක් සඳහා විදේශගත වීමට ඉල්ලුම් කරන්නේ නම් දරුවෙඅන්ගේ රැකවරණය වෙනුවෙන් විකල්ප සැලැස්මක් ඉදිරීපත් කල යුතු වේ.

09 එක් අයෙක් සඳහා ඉදිරීපත් කරන ලද වර්තාවක වලංගු කාලය SMS පණිවුඩය යොමු කල දිනයේ සිට මාස 9 ක කාලයකි. එම කාලය තුල විදේශ ගත වීමට අපොහොසත් වුවහොත් අයදුම්කාරිය විසින් නව අයදුම් පත්‍රයක් ලබා දිය යුතු අතර එය පදනම් කරගෙන SMS පණිවුඩය නැවත යොමු කිරීම අවශ්‍ය වේ.

10 වයස අවුරුදු 2 ට අඩු දරුවන් සිටින මවුවරුන්  එකී  දරුවා/ දරුවන් රැගෙන විදේශගත වන්නේ න ම් දරුවා/ දරුවන්ගේ ගමන් බලපත්‍ර සහ වලංගු වීසා පිටපත් ඉදිරීපත් කල යුතු අතර එහි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් විසින් බලය පවරන ලද මාණ්ඩලික නිධාරියකුට  ඒ සඳහා අවසර ලබා දීමේ හැකියාව පවතී. ඒ පිළිබඳ අදාළ දරුවා/ දරුවන්ගේ තොරතුරු ද ඇතුලත්කර විදේශ සේවා නියුක්ති කර්යාංශය වෙත ලිඛිතව දැනුම් දිය යුතු වේ.