மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

A field inspection was conducted today (04) under the patronage of the Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government, Mr. S. Aloka Bandara, with the participation of the Colombo District Secretary/Government Agent, Mr. Ginige Prasanna Janaka Kumara, regarding the expansion of the space and facilities required to provide services at the Kolonnawa Divisional Secretariat in a more efficient and effective manner.

Kolonnawa Divisional Secretary, Mr. Priyanath Perera, along with officials of the Kolonnawa Divisional Secretariat, and the Head of the Engineering Division of the Ministry of Public Administration, and the District Engineer participated in this.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

Under the Divisional Secretariat Inspection Program, the Homagama Divisional Secretariat was inspected today (04) by the Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government, Mr. S. Aloka Bandara, with the participation of the Colombo District Secretary/Government Agent, Mr. Ginige Prasanna Janaka Kumara.

The Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government, Mr. S. Aloka Bandara and the Colombo District Secretary/Government Agent, Mr. Ginige Prasanna Janaka Kumara inspected all the divisions of the Divisional Secretariat and the staff officers inspected the functions of each division separately.

Accordingly, the Office's Institutions Division is headed by Mrs. M.A.S. Kanchana Gunawardena (Additional District Secretary Administration) and Mrs. Asanka Kottage (Administrative Officer), Lands Division is headed by Mr. Sampath Idamgodage (Divisional Secretary Kaduwela), Accounts Division is headed by Mr. Sanjeewa Weeratunga (Accountant Moratuwa Divisional Secretary's Office) and Mrs. Madhusanka Fernando (Accountant Ratmalana Divisional Secretary's Office), Samurdhi Division is headed by Mr. Ashoka Kumara (District Samurdhi Director), Planning Division is headed by Mr. Sujith Bandara (Director Planning) and Mrs. Gayathri Bopitiya (Assistant Director Planning), Social Services Division is headed by Mrs. Madusha R. Weerakkody (Divisional Secretary Sitawaka), Field Officer Division and Identity Card Division is headed by Mrs. Dilrukshi Walpola (Divisional Secretary Ratmalana, Pension Division Mr. D. M. Gunasena (Chief Internal Auditor), Computer System Inspection and Registrar Division Mrs. Madhusha R. Weerakkody (Divisional Secretary Seethawaka), Mr. Amila Suresh Parakrama (Assistant District Secretary) and Miss Amani Wickramanayake (Information Technology Officer), Vehicle License Division Mrs. Isanka Udawatte (Divisional Secretary Kesbewa) conducted inspections of the files and premises of each division.

Here, the Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government Mr. S. Aloka Bandara and the Colombo District Secretary/Government Agent Mr. Ginige Prasanna Janaka Kumara conducted inspections of all divisions of the Divisional Secretariat Office and addressed the officers of the office and gave them the necessary instructions and guidance to carry out their duties. Additional District Secretary Kanchana Gunawardena discussed with the Heads of Divisions of the Office including the Homagama Divisional Secretary B.A.D. Chinthaka on how to improve the efficiency of each division based on the observations made by the officers.

The event was attended by the Head of the Engineering Division of the Ministry of Public Administration, Provincial Councils and Local Government, Assistant Divisional Secretary Chamil D. Thenuwara, Deputy Director (Planning) Nilanka S. Sampath, Accountant Pubudu R. Kuruppuachchige and all the officers of the office.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීම පරිදි කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි ප්‍රජා මුල සංවිධාන නායකයින් සඳහා Sheraphiel glow pvt Ltd ආයතනයේ දැනුවත් කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස් අශෝක කුමාර මහතා ප්‍රධානත්වයෙන් අද (14) දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මේ සඳහා සමෘද්ධි ප්‍රජා මුල සංවිධාන නායකයින් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

ga

“දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතිශයෙන්ම වැදගත් රැස්වීමක් බැවින් ඒ පිළිබඳව මනා අවබෝධයකින් සූදානම්ව නිලධාරින් රැස්වීමට සහභාගි වියයුතුයි” - අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය

“කිසිම නිලධාරියෙක් තොරතුරු නැතුව එන්න එපා. මේක අවසාන දැනුම්දීම ” - දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා

“දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතිශයෙන්ම වැදගත් රැස්වීමක් බැවින් ඒ පිළිබඳව මනා අවබෝධයකින් සූදානම්ව නිලධාරින් රැස්වීමට සහභාගි වියයුතු බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අවධාරණය කරයි

ඉදිරියේදී මීට වඩා කාර්යක්ෂමව මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු කරමු. ඒ වගේම මෙම රැස්වීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඒ සඳහා සූදානම් වෙලා එන්න. ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් විදිහට සූදානම් වෙලා එන්න. කමිටුව තුළ කාවවත් අපහසුතාවට පත් නොවන විදිහට කටයුතු කරන්න නම් නිළධාරින් සියලුම දෙනා මේ කමිටුවට පැමිණිය යුතුයි.

දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රශ්න වලට විසදුම් ලබාදෙන්නේ සංවර්ධන ව්‍යාපෘති බලාත්මක වෙන්නේ මේ රැස්වීමෙන් නිසා කරුණාකරලා මෙහි වැදගත්කම තේරුන් ගන්න” යනුවෙන් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළාය. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, අග්‍රාමාත්‍යතුමියගේ සහභාගිත්වයෙන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර හනීෆ් යුසුෆ් මහතාගේ සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේ සම සභාපතීත්වයෙන් අද(12) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව 2025 සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) සහ බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) විසින් ඉදිරිපත් කරන ලදී.

එහිදී බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක සීතාවක නගර සභාවේ හා ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ කොළඹ මහ නගර සභාවේ නිසි බලධාරීන් රැස්වීමට සහභාගී නොවීම පිළිබඳව අගාමාත්‍යතුමියගේත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේත් බලවත් අප්‍රසාදය පළවිය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා, “මට නිකන් දැනෙනවා මෙතනට එන නිළධාරින් නිකන් ආවට ගියාට මොනවාහරි කියවනවා වගේ දෙයක්.හරියට තොරතුරු නැතුව සූදානම් වෙලා නැතුව ප්‍රශ්නයක් ආවොත් මොනාහරි දෙයක් කියන්නම් කියන තැන ඉන්නවා කියලා මට දැනෙනවා. එහෙම දෙයකට නම් මෙතනට එන්න එපා. මේ ආකාරයටම මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදිත් වුනා. කිසිම නිලධාරියෙක් මෙතන රැස්වීමකට කැදවලා තියෙනවා ඒ නිසා මෙතනට ඇව්ල්ලා යන්න ඕන කියලා හිතාගෙන නම් එන්න එපා. එනවානම් තමන් සූදානම් වෙලා එන්න.සවුත්තු වෙලා යන්න බලාගෙන එන්න එපා.තමන්ටත් ආත්ම ගරුත්වයක් තියෙනවානේ.එක නැති කරගන්න එපා. කිසිම නිලධාරියෙක් තොරතුරු නැතුව එන්න එපා. තමන් දැනගන්න ඕන මොන ව්‍යාපෘති ද තියෙන්නේ කියලා .ඒක දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී කතා කරනවා කියලා.ඒ නිසා ඒ එන කෙනා අදාළ තොරතුරු අරන් එන්න ඕන .ආවට ගියාට මොනාහරි කියවලා යන්න මෙතනට එන්න එපා.මේක අවසාන දැනුම්දීම.සම්පූර්ණ විස්තර ටික අරන් එන්න.එහෙම එන්න බැරි නම් තමන් ලග තොරතුරු නැත්නම් එන්න එපා.අදාළ බළධාරියාට කියන්න මේකට තොරතුරු නෑ ඒ නිසා යන්න බෑ කියලා . විශේෂයෙන්ම පළාත්පාලන ලේකම්වරුන් නාගරික කොමසාරිස් වරුන්ට විශේෂ වගකීමක් තියෙනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම. මේකෙන් තමයි මුළු දිස්ත්‍රික්කයම සම්බන්ධීකරණය වෙන්නේ. අවුරුද්දටම තියෙන්නේ රැස්වීම් 12යි. මාසයකට එක රැස්වීමයි. මේක ආරම්භ කල කාලෙමයි ඒ ඒ මාසවල දින වෙන්කරගත්තේ. එතකොට පුහුණු වැඩමුළු දාලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඊට පසුවයි. එතකොට ඕන කෙනෙක්ට කියන්න පුළුවන් වෙන්න ඕන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම තියෙන නිසා පුහුණුව වෙන දවසක දාගන්න කියලා කියන්න.දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම හරියට වෙන්න ඕන. මෙතනින් තමයි කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳව සියලුම දේ සම්බන්ධීකරණය වෙන්නේ. සංවර්ධන වැඩ ඔක්කොම වෙන්නේ මේ තුලින්. ඒ නිසා අද ඉදන් මේක කරන්න එපා හරියට සූදානම් වෙලා එන්න” යනුවෙන් සිය අදහස් පළකරනු ලැබීය.

2025 වර්ෂය තුළ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්හි ප්‍රගතිය ඉදිරිපත් කිරිම යටතේ විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ යෝජිත ව්‍යාපෘති, ආපදා අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හඳුනාගත් ක්‍රීඩා පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීම, බස්නාහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳව සාකච්ජා කරන ලදී.

ඒ අනුව, විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ රුපියල් මිලියන 207ක මුදලක් ව්‍යාපෘති 110ක් සඳහා අනුමත කර තිබෙන අතර මේ වනවිට එම මුදල් සියල්ලම ව්‍යාපෘති සඳහා ලබාදී අවසන්ය. ප්‍රාදේශිය ලේකම් කාර්යාල 13 ම ආවරණය වන පරිදි ව්‍යාපෘති 13ක මේ වනවිට වැඩ අවසන් කර තිබෙන අතර 27ක වැඩ ආරම්භ කර තිබෙි. ඊට අමතරව ඇස්තමේන්තු සකස් කිරීමේ අදියරේ ව්‍යාපෘති 09ක්ද ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ව්‍යාපෘති 16ක්ද ගිවිසුම් අත්සන් කළ අදියරේ ව්‍යාපෘති 45ක්ද වෙි. ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන සඳහා ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක වන අතර ඒම ව්‍යාපෘති මේ මාස 30 වන විට අවසන් කිරිමට නියමිතය.

මේ සඳහා වියදම් වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 68.86කි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ යෝජිත ව්‍යාපෘති යටතේ වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන සහ වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය පාදුක්ක වත්ත අංක 05 ලයින් කාමර දෙසට නානා ළිද අසල සිට ඉදිරියට මිටර් 200ක් සංවර්ධනය කිරීම, පාදුක්ක වතු නිවාස අංක 05 ලයින් කාමර සදහා පානීය ජල පහසුකම් ලබා දීම ,පෙන්රිත්වත්ත ලෝගන් කොටස පවුල් 10 ක් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් ලබා දීම, එල්ස්ටන් වත්ත ඉහළ කොටස පවුල් 05ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබා දීම සිදුකෙරේ. වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන යටතේ පාදුක්කපෙන්රිත් වත්ත ජල පවිත්‍රාගාරයේ ක්ලෝරීන් වායුව කාන්දුවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා නිවාස ලබා දීම ව්‍යාපෘතිය සහ සීතාවක අයර්වත්ත ලබුගම වත්ත කොටසේ වතු නිවාස සඳහා ආපදා වැලැක්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ඒ වගේම 2025 වර්ෂය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 09 ක් තුළ ආපදා අවම කිරිමේ ව්‍යාපෘති 38ක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා රුපියල් මිලියන 98ක මුදලක් ප්‍රතිපාදනලබාදී තිබේ.

ව්‍යාපාති 38න් මේ වනවිට ව්‍යාපාති 13ක වැඩ අවසන් කර ඇත. 2025 කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රීඩා පහසුකම් සංවර්ධන ව්‍යාපෘති යටතේ ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම (පාසැල් හා මහජන ක්‍රීඩාංගන) වැඩසටහන - 2025 දිස්ත්‍රික්කය සඳහා වෙන් වී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රු.මි. 10 ක මුදලක් වෙන්කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් පාසැල් හා මහජන ක්‍රීඩාංගන නිර්මාණය කරනවාට වඩා හොඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යතුමිය උපදෙස් දෙන ලදී. බස්නාහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ ව්‍යාපෘති 297ක් සඳහා අනුමැතියි ලබාදි තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කර ඇත.

බස්නාහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ ව්‍යාපෘති 1520ක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා රුපියල් මිලියන4,555.48ක මුදලක් අනුමත කර ඇත. එම ව්‍යාපාති අතුරින් ව්‍යාපාති 66ක වැඩ අවසන් අතර වැඩ හා මුදල් ගෙවා අවසන් ව්‍යාපෘති 37ක්ද ප්‍රසම්පාදන හා ක්‍රියාත්මක මට්ටමේ ව්‍යාපෘති 560ක්ද ඇස්තමේන්තු මට්ටමේ ව්‍යාපෘති 691ක්ද වැඩ ආරම්භ නොකළ ව්‍යාපෘති 166ක්ද වශයෙනි. මෙම ව්‍යාපෘති වල ගැටළු තිබේනම් ඒවා කඩිනමින් නිශ්චය කරගන්නා ලෙසත් දැනට ලබාදී තිබෙන සංශෝධිත ව්‍යාපෘති දිනය අගෝස්තු 15 වන දින ලෙස සලකා කටයුතු කිරිමටත් කමිටුව තීරණය කෙරිණ. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය, චිකුන්ගුන්යා රෝගය, කොවිඩ් රෝගය සහ ප්‍රජා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා සහ කොළඹ දිස්ත්‍රික්කයයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් කරුණූ ඉදිරිපත් කළ අතර එහිදී දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය අඩුවීමක් දක්නට ලැබෙන බව දැනුම් දුන්නේය. ඩෙංගු රෝගීන් වාර්තා වීම පිළිබඳව දත්ත රැස්කරන ආකාරයටම , චිකුන්ගුන්යා රෝගය පිළිබඳව ද දත්ත රැස්කිරිමට අවධානය යොමුකළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය විශේෂයෙන් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන වලින්ද නිවරදි තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීම වැදගත් බව අවධාරණය කළාය. එහිදී පාසල් සහ පෙර පාසල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් වැඩිදුරටත් සඳහන් කළාය. එසේම ඩෙංගු රෝගය, චිකුන්ගුන්යා රෝගය, කොවිඩ් රෝගය සහ ප්‍රජා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාසිකව දත්ත ලබාගැනීම වඩා වැදගත් බවද මෙහිදී සාකච්ජා විය. 2025.07.29 දින පැවති විශේෂ ඉඩම් අනු කමිටු රැස්වීම්වල තීරණ දැනුම් දීම,අනුමැතියට ඉදිරිපත් කර ඇති ලිපි සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලැබි ඇති ලිපි ඉදිරිපත් කිරිම ද මෙහිදී සිදුවිය. කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය කළමනාකරණයේ දී මුහුණ දෙන ගැටළුව, කොළොන්නාව බල ප්‍රදේශයේ එකතු වන නොදිරන කසල Western power බලාගාරයට භාරදීම, කඩුවෙල මහජන සෞඛ්‍ය බල ප්‍රදේශය කඩුවෙල සහ අතුරුගිරිය ලෙස දෙකකට වෙන් කිරීම හා පහසුකම් සැලසීම, කඩුවෙල පොලිස් ස්ථානය කඩුවෙල තැපැල් කාර්යාලය පිහිටි භූමිය තුළ ස්ථාපනය කිරීම, කඩුවෙල පොලිස් ස්ථානය කඩුවෙල තැපැල් කාර්යාලය පිහිටි භූමිය තුළ ස්ථාපනය කිරීම, Utility Shifting වෙනුවෙන් RDA ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, කොළඹ දිස්ත්‍රික්කයේ හා තදාසන්න ප්‍රදේශවල සියලුම ඇළ මාර්ග ඉහළ ප්‍රමිතියකින් නඩත්තු කිරීම තහවුරු කිරීම පිණිස පිහිටවනු ලබන විශේෂ කාර්ය සාධන බලකාය, ගිහාන් බීච් රිසෝට් ආයතනය දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට ලබා ගෙන ඇති අඩිපාරට ඉහළින් ඉඳිකර ඇති ගුවන් පාලම, පිටිපන කණිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කර නව ගොඩනැගිල්ලක් ඉඳිකිරීමේ දී ඇති වී තිබෙන අක්‍රමිකතා,වාර්ෂික දේපල තක්සේරු දැන්වීම් බෙදීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව සංශෝධනය කිරීම සඳහා ඉල්ලීම, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඇති ඇවිදින මං තීරුව සම්බන්ධ ගැටළුව පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ අතර එම ගැටළු විසදා ගැනීමේ අරමුණින් කෘෂිකර්ම හා කර්මාන්ත, ප්‍රවාහන හා මහාමාර්ග, කාන්තා හා ළමා කටයුතු, අධ්‍යාපන හා සෞඛ්‍ය, සංචාරක හා පරිසර,විදේශ කටයුතු හා විදේශ රැකියා යටතේ අනුකමිටු පැවැත්විමටත් තීරණය විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර හනීෆ් යුසුෆ් මහතා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ලක්මාලි හේමචන්ද්‍ර, අරුණ පනාගොඩ, චන්දන සූරියආරියච්චි, දේවානන්ද සුරවීර යන මහත්ම මහත්මීන් ද කොළඹ දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් හා උපසභාපතිවරුන්, නගරාධිපතිවරුන් ඇතුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, බස්නාහිර පළාත් සභා ප්‍රධාන ලේකම් කේ.ජී.පී.පුෂ්පකුමාර මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) කේ.එන්.කෞශල්‍යා කුමාරි මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කාංචනා ගුණවර්ධන මහත්මිය, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එස්.කේ. බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එස්.එම්.එන්. සුබසිංහ මහත්මිය ඇතුළු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩල ප්‍රධානින්, සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන් හා දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන රාජ්‍ය ආයතන ප්‍රධානින් මෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සාමාජිකයන් සම්බන්ධ වූහ.

ga

உட்பிரிவுகள்