රාජගිරිය වික්ටෝරියා නිවාස සංකීර්ණයේ නව බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම හා ප්‍රතිකාර ලබන්නන් වෙනුවෙන් රෝද පුටු ඇතුළු උපකරණ බෙදා දීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් 6 වන දින පැවැත්විණ.

මෙම ගොඩනැගිල්ල, නවීන පහසුකම් සහිතව, ප්‍රජා සත්කාර, සමාජ සේවා, සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා වෙන්කළ ඉඩකඩ සහිතව ඉදිකර තිබේ. මෙම අවස්ථාව, රාජ්‍ය හා ප්‍රාදේශීය පාලන ආයතන, සමාජ සේවා අංශ සහ පෞද්ගලික සහයෝගිතාව එකට රැඳී, ප්‍රජා සත්කාරය උදෙසා නිර්මාණය කරන ලද්දක් විය. විශේෂයෙන්ම වික්ටෝරියා නිවාසයට සෘජු වශයෙන් ප්‍රයෝජන විය හැකි සේවා මධ්‍යස්ථානයක් ලෙස මෙම ගොඩනැගිල්ල සැලකේ.

මෙම උත්සවයට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති චතුරංග අබේසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සීතාවක/පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති චන්දන සූරියආරච්චි මහතා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු මහතා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නියෝජ්‍ය නගරාධිපති ක්‍රිශාන්ති විජයබණ්ඩාර මහත්මිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.ජී.එස්.සී. රෝෂන් මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති වික්ටෝරියා නිවාසයේ සභාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, හිටපු අමාත්‍යාංශ ලේකම් මහින්ද මඩිහහේවා මහතා, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, ශ්‍රි ජයවර්ධනපුර මහ නගර සභා නාගරික කොමසාරිස් ශාලිකා රණවීර මහත්මිය, මුස්ලිම් හෑන්ඩ් සංවිධානය නියෝජිත - එම්.කේ. ඉන්මුදීන් මහතා සහ විශේෂ ආයතන නියෝජිතයින් සහභාගී විය.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga