Citizen Charter 01 

Citizen Charter 02 

Citizen Charter 03 

Citizen Charter 04 

Citizen Charter 05 

Citizen Charter 06 

Citizen Charter 07 

Citizen Charter 08 

Citizen Charter 09 

Citizen Charter 10 

Citizen Charter 11 

Citizen Charter 12 Download Citizen Charter

LandD

 එම්. ඒ. එස්. කාංචනා ගුණවර්ධන මිය
  සම්බන්ධිකරණ නිලධාරියා

දුරකථන අංකය : 011 2369136
Whatsapp අංකය : 070 7369136
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


කොළඹ දිස්ත්‍රික්කය තුළ සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 තුළ මහජනතාවට සපයනු ලබන සේවාවන් පිළිබඳ නොවිසඳුණු පැමිණිලි, අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමසීම් සඳහා විසඳුම් ලබා දීමේ අරමුණින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කර ඇත.

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යශ්ටික උපද්‍රව අවධානම් අවම කිරිම සම්බන්ධයෙන් දිස්ත්‍රික් පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණ සාකච්ජාවක් (CBRN – District Coordination Platform) අද (19) දින කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හත්වන මහළ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ජාමය වැඩසටහනේදී රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යශ්ටික උපද්‍රව පිළිබඳව ජාතික මට්ටමේ සැලසුම් ක්‍රියාත්මක කිරීම හා දිස්ත්‍රික් මට්ටමින් සිදුකළ යුතු සැලසුම් හා කාර්යයන් පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම, රසායනික ජීව විදයාත්මක විකිරණ හා න්‍යශ්ටික උපද්‍රව ආශ්‍රිත ආපදා අනතුරු පිලිබඳව දැනුවත් කිරීම, ශ්‍රී ලංකා යුධ, නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්යය බලකාය, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව යන ආයතන වල CBRN ප්‍රතිචාර දැක්වීමේ ඒකකයන්හි සූදානම හා ධාරිතාවයන් පිළිබඳ දැනුවත් කිරිම සිදුකෙරිණ.

මේ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (පුහුණු හා දැනුවත් කිරිම), සහකාර අධ්‍යක්ෂ සහ ආපදා කළමනාකරණ ඒකකය - කොළඹ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (කොළඹ), සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් හා නාගරික කොමසාරිසවරුන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, ජාතික සම්බන්ධිකාරක ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, කර්මාන්ත දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජාතික රෝහල, කළුබෝවිල රෝහල, මුල්ලේරියාව රෝහල, රිජ්වේ ළමා රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, අපේක්ෂා රෝහල ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලික රෝහල්හි රෝහල් අධ්‍යක්ෂවරුන්, ගිනි නිවීමි ඒකක භාර ප්‍රධානින්, ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානින් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ජුරි සභික නාමලේඛනය සකස් කිරීම- 2024 වර්ෂය

ජුරි සභාවක් කැඳවිම මඟින් විභාග වන නඩු සඳහා අවශ්‍ය වන ජුරි සභිකයින් තෝරා ගැනිමට වාර්ෂිකව ජුරි සභික නාමලේඛනය ත්‍රෛභාෂාවෙන් සකස් කර ගැසට් පත්‍රයේ පල කරනු ලබයි.

  1.  කොළඹ දිස්ත්‍රික්කය සඳහා 2024 වර්ෂයට අදාළව මෙම ජුරි සභික නාමලේඛනය සකස් කිරිම සඳහා ඔබ කාර්යාලයෙන් ඉදිරිපත් විමට කැමති (කනිෂ්ඨ සේවක නොවන) නිලධාරින්ගේ තොරතුරු පහත සඳහන් ආකෘතියට අනුව සකස් කර, 2023.12.15 දිනට පෙර PDF නොකල මෘදු පිටපත පමණක් සිංහල සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය දෙකෙන්ම ලබාදෙන මෙන් කාරුණිකව දැනුම් දෙමි.

-නම-

-තනතුර-

-කාර්යාලයිය ලිපිනය හා දුරකථන අංකය-

-නිවසේ ලිපිනය හා දුරකථන අංකය-

-ජාතික හැඳුනුම්පත් අංකය-

  1.  ඉහත ආකෘතිය සැකසීමේදි පහත නිර්ණායකද අනුගමනය කරන ලෙස වැඩි දුරටත් කාරුණිකව දන්වමි.

  2. I. සිංහල අකුරු මෝස්තරය ඉස්කෝල පොත 12 ප්‍රමාණය

  3. II. ඉංග්‍රීසි අකුරු මෝස්තරය ටයිම්ස් නිව් රෝමන් (Times New Roman)

  4.  සාරානුකූලව සැකසූ තොරතුරු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කිරීම ප්‍රමාණවත් වන අතර, මේ පිළිබඳ වැඩිමනත් විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය වෙතොත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ඩබ්.සි.එස්. පිරිස් මිය, වෙතින් දුරකතන අංක 0112369138 අමතා තොරතුරු විමසන ලෙස කාරුණිකව දන්වා සිටිමි.