කොළඹ දිස්ත්‍රික් සිල් මාතා නිලවරණය පිලිටුවිම අමරපුර සිරි සුමන පාර්ශවයේ මහානායක විද්‍යා විශාරද පණ්ඩිත ශාස්ත්‍රවේදී ත්‍රිපිටක විභූෂණ අතිපූජ්‍ය ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහ නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පසුගිය 22 දා සිදුකෙරිණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය ගොඩපිටියේ ඉන්ද්‍රානන්ද හිමි, කොළඹ දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ ගරු සභාපති මෑණියන්, ගරු ලේකම් මෑණියන් ඇතුළු සිල්මතා සංගමයේ මෑණිවරුන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -







