ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩල නිලවරණය කෝට්ටේ ප්‍රදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් සහ මගෙපන්වීම මත උඩහමුල්ල ජිනරතනාරාම විහාරස්ථානයේ දි පැවැත්වුණා. ඒ සදහා සංස්කෘතික නිලධාරින්, තරුණ සේවා නිලධාරි,සමාජ සේවා නිලධාරි ,සංවර්ධන නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් විසින් සහයෝගය ලබා දුන්නා. උඩහමුල්ල සිරි ජිනරතනාරාම විහාරස්ථානයේ පූජ්‍ය දලුක්කැටියේ බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ එම නිලවරණයේ දී ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේ ලෙස තේරී පත් වුණා.











