2022 සිව්වන කාර්තුවට අදාළ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැත්විණි.එහිදී පසුගිය වාර්තාවන් වල වර්තමාන ප්‍රගතිය, රාජ්‍ය සේවකයින් ලබාගෙන ඇති ණය ආපසු අයකරගැනීම සම්බන්දව, ණය අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රාදේශීය විගණන හා කළමනාකරණ කමිටු වලින් පැන නැඟුණු ගැටළු ඇතුළු කරුණු රැසක් පිළිබඳ දීර්ඝ ලෙස සකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, ගණකාධිකාරී රුවිනි ඩී. ජයසේන, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩබ්.එෆ්.ඩි.පී. ප්‍රනාන්දු, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන අභ්‍යන්තර විගණක කේ.ඒ.ඩි. වසන්ත කුමාර, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඒ.පී.එස්. අශෝක කුමාර, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -







