
කොළඹ දිස්ත්‍රික්කය සතු සම්පත් කාර්යක්ෂමව යොදාගෙන ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමේ සිට සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින්, ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩකටයුතු ඉටුකිරීමට එක්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ඒ මහතා මේ බව සඳහන් කලේ “ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ ජාතික වැඩ සටහන" ආරම්භ කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාණ්ඩලික නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික්කය නියෝජනය අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීමේ මාර්ගගත(Google Meet) සමාරම්භක සාකච්ඡාවට අද(08) දින එක්වෙමිනි.
ගුගල් මීට් (Google Meet) යෙදවුම මගින් මාර්ගගතව සිදුකල මෙම සාකච්ඡාවේදී ඉදිරි දෙසතිය තුල කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික පුනර්ජීවන කමිටු සියල්ලම පිහිටුවා අවසන් කිරීමට තීරණය කෙරිණි. ලබන ඔක්තෝම්බර් මාසයට පෙර කොළඹ දිස්ත්‍රික් ආර්ථික පුනර්ජීවන කමිටුව පිහිටුවා අවසන් කිරීමටත් නියමිතය.
පිහිටුවීමට නියමිත ආර්ථික ආර්ථික පුනර්ජීවන කමිටුවකට සංවර්ධන සැලැස්මක් හා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඒ අනුව කටයුතු කිරීමටත් තීරණය ගැනිණි.
![]() |
![]() |
![]() |
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -








