மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

Nilawaranaya1

2021 - 2023 කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල නිලවරණය "නිල මැදුර" පරිශ්‍රයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ඊ⁣යේ ( 2021 ජූලි 27 ) පැවැත්වුණා.

ඒ දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩල ගරු සභාපති ස්වාමීන්වහන්සේලා සහ ගරු ලේඛකාධිකාරි ස්වාමින්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති සහ අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධාන ගිහි සහභාගීත්වයෙන්.

 

 

 එහී දී ව්‍යවස්ථානුකූල ව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල පත් කර ගැනීමේ ක්‍රියාවලිය හා ඒ සඳහා ජන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ලබන පාර්ශ්වයන් සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාමය පසුබිම පිළිබඳ ව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ සභාව දැනුවත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය සඳහා සභාවේ නාම යෝජනා විමසන ලද අවස්ථාවේ දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය සූරියගොඩ සිරිධම්ම ස්වාමීන්වහන්සේගේ නම් ස්වාමීන්වහන්සේලාගේ යෝජනා ස්ථිරත්වයෙන් සභාවට ඉදිරිපත් කෙරුණා.

එබැවින් ගරු සභාපති ස්වාමීන්වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා ජන්දයකට යා යුතු බවට තීරණය වූ බැවින්, ජන්දය ලබාදීමට සුදුසුකම් ඇති ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල සභාපති ස්වාමීන්වහන්සේලා සහ ලේඛකාධිකාරි ස්වාමීන්වහන්සේලා හතළිස් නමට ඒ සඳහා අවස්ථාව ලබා දුන් අතර, එම අවස්ථාව වනවිට නිලවරණයට සහභාගී වී සභාවේ වැඩසිටි ස්වාමීන්වහන්සේලා තිස්හත් නමක් ඒ සඳහා ජන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

එම ජන්ද විමසීම අනුව ප්‍රකාශිත ජන්ද අතුරින් වලංගු ජන්ද තිහක් ලබා ගනීමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයට තේරී පත්වුණා.

කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරය සඳහා ද ජන්ද විමසීමක් පැවැත්වීමට සිදු වූයේ ඒ සඳහා ද පූජ්‍ය ගොම්බද්දල දමිත ස්වාමීන්වහන්සේගේ සහ පූජ්‍ය කිතලගම හේමසාර ස්වාමීන්වහන්ගේ යන ස්වාමීන්වහන්සේලා දෙනමගේ නම් සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත් වූ බැවින්.

එහි දී ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාවෙන් ජන්ද විසි අටක් ලබා ගනිමින් පූජ්‍ය ගොම්බද්දල දමිත ස්වාමීන් වහන්සේ කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයට තේරී පත්වුණා.

එසේ ම ඊට අමතර ව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනු මණ්ඩල වන ආගමික අනු මණ්ඩලය, දහම් පාසල් අනු මණ්ඩලය, සමාජ සේවා අනු මණ්ඩලය, ශාසනාරක්ෂක කටයුතු පිළිබඳ අනු මණ්ඩලය, මූල්‍ය අනු මණ්ඩලය සඳහා ද ස්වාමීන් වහන්සේලා ඇතුළු ගිහි නිල මණ්ඩල ද විධායක සභිකවරු සිව් දෙනෙක් ද තෝරා ගනු ලැබුවා.

කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ලයේ නිලවරණය සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා, දිස්ත්‍රික්කයේ සියළු ම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරියන්, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී මහත්මිය සහ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් වුණා.

නිලවරණයේ කටයුතු මෙහෙයවීම සිදු කෙරුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ ක⁣ටයුතු සමායෝජක නිලධාරී පූජ්‍ය කිරින්දේ පේමසිරි ස්වාමීන්වහන්සේ විසින්.

Nilawaranaya2 1

Nilawaranaya2 2

Nilawaranaya2 4

Nilawaranaya2 6

Nilawaranaya2 11

Nilawaranaya2 8