மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

SauBhagya Homagama1

සමෘද්ධි , ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මූල්‍ය , ⁣ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති "සෞභාග්‍යා - සමෘද්ධි " සතියට සමගාමී ව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන යටතේ විසිතුරු මල් හා විසිතුරු පත්‍රික ශාක නිෂ්පාදන හා අපනයන ප්‍රවර්ධන ගම්මාන වැඩසටහනේ සමාරම්භක උත්සවය 2021 ජූලි මස 03 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 81 අතුරින් උඩුගහපත්තුවට අයත් ග්‍රාම නිලධාරී වසම් තිස් එක ( 31 ) මෙම ව්‍යාපෘතියට අයත් වෙනාවා.

එම ව්‍යාපෘතිය හා සම්බන්ධ වී සිටින ප්‍රතිලාභීන්ගේ අදායම් මට්ටම 40% කින් ඉහළ නැංවීම, ගුණාත්මක මල් නිෂ්පාදන ඉහළ නැංවීම හා අපනයන වෙළඳපොල සදහා ව්‍යවසායකයින් දිරිගැන්වීම වැඩසටහනේ අපේක්ෂිත මූලික අරමුණුයි.

ප්‍රතිලාභීන් / හෝමාගම විසිතුරු මල් හා විසිතුරු පත්‍රික ශාක නිෂ්පාදනය හා අපනයන ගම්මාන සමිති සම්බන්ධීකරණ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ද එහි දී සිදු කෙරුණා.

එසේ ම එම වැඩසටහනට සමගාමී ව සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභී සනීපාරක්ෂක, වැසිකිළි පහසුකම් නොමැති ප්‍රතිලාභීන් සදහා වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් දෙදෙනෙකු ට ලිපි ප්‍රදානය ද, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පෙර පාසැල් වෙත අත් සේදුම් බේසම් ( සින්ක් ) සංකේතාත්මක ව ලබාදීම ද සිදු වුණා.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා,සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.පී.රත්නායක මහතා, කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක පී. සිල්වා මහතා,හෝමාගම ප්‍රාදේශීය ලේකම් දුමින්ද චින්තක මහතා,හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා , හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,සහකාර අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන) නිලංකා එස්. සම්පත් මහත්මිය, කහතුඩුව කෘෂි උපදේශක නිලධාරී , සංවර්ධන නිලධාරින් හා මල් වගා කරුවන් මෙම අවස්ථාවට සම්බන්ධ වුණා.

හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත සහකාර අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන) නිලංකා එස්. සම්පත් මහත්මියගේ අධීක්ෂණයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සැලසුම් අංශය මගීන් එම වැඩසටහන සංවිධානය කරනු ලැබුවා.

SauBhagya Homagama2

SauBhagya Homagama3

SauBhagaya Homagama4

SauBhagya Homagama5

SauBhagya Homagama7

SauBhagya Homagama8