
"සෞභාග්‍යා - සමෘද්ධි" සතියට සමගාමී ව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන 2021යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය "සඳදිය" උත්සව ශාලාවේ දී පැවැත්වුණා.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා, මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පේමනාත් සී දොළවත්ත මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ සේනක පී. සිල්වා මහතා, මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉසංකා උඩවත්ත මහත්මිය, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී මොරිස් විජේරත්න මහතා, සහකාර අධ්යක්ෂ (සැලසුම්) සුනේත්‍රා ගීතාංජලී මහත්මිය, නගර සභා මන්ත්‍රීවරුන්, සංවර්ධන නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් හා දේශපාලන නියෝජිතයන් සහ විල්ලෝරාවත්ත වඩුමඩු හිමියන්ගේ "සෞභාග්‍යයා" නිෂ්පාදන සමිති සාමාජිකයන් ද, "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහනට සම්බන්ධවන ව්‍යවසායකයින් පිරිසක් ද මෙම අවස්ථාවට සම්බන්ධ වුණා.
මොරටුව ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත සහකාර අධ්යක්ෂ (සැලසුම්) සුනේත්‍රා ගීතාංජලී මහත්මියගේ අධීක්ෂණයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සැලසුම් අංශය මගින් එම වැඩසටහන සංවිධානය කරනු ලැබුවා.



























