மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

 දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව

Jury

 2026.02.05 වන දින පෙ.ව. 06.00 සිට 2026.02.11 දින පෙ.ව.06.00 දක්වා
පැය 24 පුරා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී
........................................................................................................................................

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුග්‍රහයෙන් දෙරට සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතාව වර්ධනය කරමින් ශ්‍රී ලංකාවට වැඩම කරවන උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලා වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව පෙබරවාරි 05 වන දින උදෑසන 06.00 සිට 11 දින උදෑසන උදෑසන 06.00 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී පැය 24 පුරාම මහජන වන්දනාවට අවස්ථාව සලස්වා ඇත.

බෞද්ධ විහාරස්ථාන වලින් පිරි ප්‍රදේශයක් ලෙස ඉන්දියාවේ දෙව්නි මෝරී ඓතිහාසික සිද්ධස්ථාන සංකීර්ණය හැඳින්විය හැකිය. පස්වැනි සියවසේදී ඉතා සමෘද්ධිමත් පන්සල් සංකීර්ණයක් සහිතව මේ ප්‍රදේශය තිබී ඇත. එහි සිදු කරන ලද කැණීම්වලදී මුද්‍රා තබන ලද මංජුසාවක් හමු වී ඇති අතර, එය විවෘත කිරීමේදී ඇතුළත තිබී තවත් තඹ කුඩා මංජුසාවක් හමු විය. ඒ මංජුසාව තුළ තිබූ රනින් කරන ලද මංජුසාවේ සිල්ක් රෙදි කඩකින් එතූ යමක් හමුව තිබේ. එම ස්ථානයෙන් හමු වූ සෙල්ලිපිය මඟින් මෙම ධාතූන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේම ධාතූන් වහන්සේ බවට සාක්ෂි දරයි. මෙම සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවේ සිට පළමු වරට විදේශ රටකට වැඩම කිරීම සිදු වන්නේ මේ අවස්ථාවේදීය.

ඒ අනුව, පෙබරවාරි මස 04 වැනිදා ප.ව. 01.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ තුළ පාවඩ එළා, රතු පලස මතින් නිල වශයෙන් සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමේ කටයුතු සිදු කෙරේ. පසුව රථ පෙරහරක් මඟින් ගංගාරාම විහාරස්ථානයට වැඩම කරවීමෙන් අනතුරුව නැවතත් එදිනම (4) පස්වරුවේ ධාතූන් වහන්සේලා උදෙසා විශේෂ පූජාවක් සිදු කිරීමට කටයුතු යොදා තිබේ. එසේම ධාතූන් වහන්සේ ලංකාවේ වැඩ සිටින කාල සීමාව තුළදී වගකීම දැරීම සම්බන්ධව සහ නැවතත් එරටට භාරදීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කෙරේ. පසුදින (5) පෙරවරුවේ සිට ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරිමට පැමිණෙන බැතිමතුන් විහාරස්ථානය ඉදිරිපිට තිබෙන භූමියේ පෙළගැසිය යුතුය. මෙම භූමියට මුත්තයියා මාවත ඔස්සේ ඇතුළු වීමට හැකිය. මුත්තයියා මාවත ඔස්සේ විහාරස්ථානය ඉදිරිපිට මළුවට අවතීර්ණ වීමෙන් පසුව මළුවෙන් පෙළට විහාරස්ථානය වෙත ඇතුළු විය යුතුය. එසේම මුත්තයියා මාවත, බ්‍රේබෘක් පෙදෙස, පාර්ක් වීදිය, ලේක් රෙසන් පාර, හුනුපිටිය මාවත, ජිනරතන මාවත, හුනුපිටිය හරස් මාවත, පෙරහැර මාවත, අල්විස් පෙදෙස, උත්තරානන්ද මාවත, නවම් මාවත, ජේම්ස් පීරිස් මාවත, හුනුපිටිය වැව පාර, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, බාලදක්ෂ මාවත,එම්.ඕ.ඩී. උද්‍යානය ආදී මාවත් ඔස්සේද විහාරස්ථානයට පැමිණිය හැකිය. කොළඹ කොටුව වෙත පැමිණෙන පිරිස් සඳහා කොටුව සහ වරාය නගරය අසල විශේෂ බස් රථ සේවාවක්ද යෙදවීමට කටයුතු යොදා තිබේ. දවසේ පැය 24 පුරාම ප්‍රදර්ශනය විවෘතව තැබෙන අතර, විදේශීය සංචාරකයන්, ගැබිණි මව්වරුන් සහ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතා පෝලිම් ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුමිරිය ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අවිස්සාවේල්ල, ගාල්ල සහ රඹුක්කන සිට කොම්පඤ්ඤවීදිය දක්වා දිනපතා උදෑසන සහ අළුයම දුම්රිය ධාවනය කිරිමට කටයුතු කරනු ලබයි. අවිස්සාවේල්ල සිට කොම්පඤ්ඤවීදිය දක්වා (කැළණිවැලි දුම්රිය මාර්ගය) සහ අලුත්ගම සිට කොම්පඤ්ඤවීදිය දක්වා (මුහුදුබඩ දුම්රිය මාර්ගය) දුම්රිය පෙ.ව. 07.15ට පිටත්වන අතර කොම්පඤ්ඤවීදියෙන් අළුයම 2.00ට නැවත ගාල්ල සහ අවිස්සාවේල්ල දක්වා ගමන් කරයි. රඹුක්කන සිට කොම්පඤ්ඤවීදිය දක්වා ප්‍රධාන දුම්රිය පෙ.ව. 06.30ට පිටත් වී අලුයම 01.00ට කොම්පඤ්ඤවීදියෙන් නැවත රඹුක්කන බලා ධාවනය කරනු ලබයි. ඊට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සේවා එක්ව විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් දියත් කරනු ඇත.

සියළුම සනීපාරක්ෂක පහසුකම් සහ දන්සැල් සහ සංග්‍රහ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට රජය විසින් සැලසුම් සකස් කර තිබේ. දන්සැල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන සැදැහැවතුන් ඒ සඳහා කඩල, නුඩ්ල්ස්, බනිස්, බිස්කට් සහ කිරි පැකට් වැනි ද්‍රව්‍ය පමණක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ ළගම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට ලබාදීමට කටයුතු කරන ලෙස සංවිධායක මණ්ඩලය පරිත්‍යාගශීලි දායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන පිරිස් ඒ සඳහා සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම වැදගත් වේ. ඒ වගේම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් සියළු දෙනා අනවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන ඒමෙන්ද වැළකී අත්‍යාවශ්‍ය සැහැල්ලු බඩුභාහිරාදිය පමණක් රැගෙන ආ යුතු අතර කසළ විධිමත්ව බැහැර කිරිමට කටයුතු කළ යුතුය.

මාර්ග ආරක්‍ෂාව සහ රථවාහන පාලනය යන කරුණු පිළිබඳව රථ වාහන පොලීසිය මැදිහත්ව විශේෂ වැඩපිළිවෙළක්ද මේ වෙනුවෙන් සකස් කර ඇත. පෞද්ගලික වාහනවල පැමිණෙන බැතිමතුන්ට තම වාහන ගාල් කිරීම සඳහාද ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රය අවට විශේෂ ස්ථාන වෙන් කර ඇත. සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන කාලය අතරතුර එම කටයුත්තට බාධා වන ආකාරයෙන් විහාරස්ථාන පරිශ්‍රය තුළ ජංගම දුරකතන ආදිය භාවිත නොකළ යුතුය.

රටට සහ ජනතාවට ආශීර්වාදයක් එක් කිරීමේ පරමාර්ථයෙන් “දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය” ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශය, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ගංගාරාම දායක සභාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් රාජ්‍ය ආයතන ආදි පාර්ශව කිහිපයක් එකතු වී රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේ කටයුත්ත සංවිධාන කරනු ලබයි.

දෙව්නි මෝරි උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් 2026.02.05 දින සිට 11වන දින දක්වා පහත සඳහන් පරිදි විශේෂ දුම්රිය සේවාවක් සහ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරනු ලබයි.

Jury     Jury