ජාත්‍යන්තර දුම්වැටි - මත්විරෝධි දින සැමරුම් කොළඹ දිස්ත්‍රික් වැඩසටහනේ සමාරම්භය දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්/ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) දින දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී සිදුකෙරිණ.
මැයි මස (31) දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර දුම්වැටි - මත්විරෝධි දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව කොඩි අළෙවි වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙවර එහි තේමාව වන්නේ " සවි බලයෙන් රට දිනන්න, මත් රැහැනින් ඔබ මිදෙන්න" යන්නයි. අද (31) දිනෙන් ආරම්භ වන මෙම කොඩි අළෙවි කිරිමේ වැඩසටහන ජූනි මස 17 වන දින දක්වා සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් ක්‍රියාත්මක කරන අතර එම එකතු කරගනු ලබන මුදලින් 90% ක ප්‍රතිශතයක්ජ නතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කිරීමට අපේක්ෂා කරයි.
දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වෙත කොඩි පැළදවීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ මාණ්ඩලික නිළධාරින් වෙතද කොඩි අළෙවි කිරීම මෙදින සිදුවිය. මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක අශෝක කුමාර මහතාගේ හා තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් සුගත් සිසිර කුමාර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය ත්‍රීෂා ජේසුදාසන් මහත්මිය, තිඹිරිගස්යාය මුලස්ථාන කලමණාකරු නිශා ප්‍රියනාත් මහත්මිය, සංවර්ධන නිළධාරී තුසිතා ජයන්ති මහත්මිය, දිස්ත්‍රික් සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර බුද්ධික වීරසේකර මහතා,තිඹිරිගස්යාය සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර ලක්මි දිනුෂා මහත්මිය, ප්‍රජා මුල සමෘද්ධි සංවර්ධන නිලධාරී සී.පී.රාජකරුණා මහතා කිරුල වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී වසන්ත සංජය මහතා මෙන්ම එම වසමේ ප්‍රජා මුල සංවිධානයේ සභාපති මහත්මිය හා භාණ්ඩාගාරිකතුමියගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
දිස්ත්‍රික් සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී බුද්ධික වීරසේකර හා තිඹිරිගස්යාය සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී ලක්මි දිනුෂා යන නිළධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.



























