மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

පෙබරවාරි මාසයට අදාළව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (13) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් සහ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්ව් සාලි මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේතු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, එරංග ගුණසේකර මහතා, අසිත නිරෝෂන එගොඩවිතාන මහතා, චන්දන සූරිය ආරච්චි මහතා, සමන්මලී ගුණසිංහ මහත්මිය, ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය, නජිත් ඉන්දික මහතා, බස්නාහිර පළාත් සභා ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එස්.එම්.එන්. සුබසිංහ මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩල ප්‍රධානින්, සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන් හා කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

මෙහිදී, 2024 වර්ෂයට අදාළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ 2025 සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 2025 වර්ෂයේ විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා රුපියල් මිලියන 207 ක මුදලක්ද බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් ද වෙන්කර තිබේ. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී 2025.01.01 සිට නව රීති හඳුන්වා දී තිබෙන අතර ව්‍යාපෘති සම්බන්ධයෙන් සියළුම සම්බන්ධීකරණ වගකීම දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදුකිරීටමත් ව්‍යාපෘති ප්‍රගතිය මාස 03ට වරක් ලබා ගැනීමටත් තීරණය විය.

දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගයේ වර්තමාන තත්ත්වය පිළිබඳව කොළඹ නගර සභාව සහ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අංශ විසින් තොරතුරු ඉදිරිපත් කළ අතර බොරැල්ල, කුරුදුවත්ත, හැව්ලෙක්සිටි යන ප්‍රදේශවල ඩෙංගු රෝගය බහුලව ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බවට එහිදී තොරතුරු ඉදිරිපත් විය. මෙම ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල අපහරණ ද්‍රව්‍ය(අබලි ද්‍රව්‍ය) විශාල වශයෙන් එකතුවී තිබීම සහ විවිධ ඉදිකිරිම් ආශ්‍රිතව මෙම තත්ත්වය දක්නට ලැබෙන බව හඳුනාගෙන තිබෙන බව කමිටුවට දැනුම් දුන්නේය. ඒ අනුව, එම තත්වයන් පාලනය කර ගැනීමට පරිපාලනමය වශයෙන් යම් විසදුමක් ලබාගැනීම සඳහා කඩිනමින් අවධානය යොමු කරන්නැයි දිස්ත්‍රික් ලේකම්තුමා වෙත අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදුන්නාය.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කය තුළ2024 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද කෘෂිකර්ම ව්‍යාපෘති සහ එහි ප්‍රගතිය පිළිබඳව සාකච්ජා කිරීම, පළාත් පාලන ආයතන අයවැය අනුව 2025 වර්ෂයට අදාළ සැලසුම් ඉදිරිපත් කිරිම සහ පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලැබී ඇති ලිපි සහ ඊට අදාළ තීරණ දැනුම් දෙන ලදී.

Clean Sri Lanka ජාතික වැඩසටහන පසුගිය 09 වන දින නිළ වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරිමට හැකියාව ලැබුනු බව පැවසූ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඒ සඳා සහයෝගය ලබාදුන් සියළුම ආයතනයන් වෙත ස්තූතිය පළ කරන ලදී. එම වැඩසටහන ඉදිරියටත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය මැදිහත්වීම අඛණ්ඩව සිදුකරගෙන යන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ga

ga

ga

ga