කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන Clean Sri Lanka වැඩසටහන වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරිමේ විශේෂ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(05) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන ඇතුළු අනෙකුත් ආයතන මේ සඳහා Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. කොළඹ දිස්ත්‍රික්කය තුළ Clean Sri Lanka වැඩසටහන නිළ වශයෙන් ආරම්භ කිරිම මේ මස 09 වන දින සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයනගේද සහභාගීත්වයෙන් පළාත් පාලන ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය ආයතන, විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් සිදුකිරිමට නියමිතය.
ඒ අනුව එළැඹෙන 09 වන දින කොළඹ, රත්මලාන, මොරටුව, තිඹිරිගස් යාය, දෙහිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් පිරිසිදු කිරිමටත් අනෙකුත් ප්‍රා.ලේ.කාර්යාල මගින් ප්‍රධාන වැඩසටහන් වශයෙන් විවිධ ශ්‍රමදාන වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමටත් නියමිතය.
Clean Sri Lanka වැඩසටහනට අමතරව මෙහිදී පළාත් සභා සංවර්ධන වැඩසටහන හා විමධ්‍යගත සංවර්ධන වැඩසටහන යටතේ 2025 වර්ෂය යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත ව්‍යාපෘති යෝජනා පිළිබඳව සහ අස්වැසුම වැඩසටහනේ ප්‍රගතිය සහ ගැටළු සම්බන්ධයෙන්ද ප්‍රාදේශිය ලේකම්වරුන් සමඟ සාකච්ජා කරන ලදී.
මේ සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියන් දෙපළ, ක්‍රම සම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය සහ හේමන්ත වීරකෝන්, වායි බල්තසාර්, එස්. සියුෂාන් යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර අනෙකුත් ආයතන නිළධාරින් ZOOM තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.
























