කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජල ගැලීම් වැළැක්වීම සඳහා නිර්දේශ ලබාදීම හා නගරය ප්‍රතිසංවිධාන සැලැස්මක් සකස් කිරිමේ ප්‍රගති සමාලෝචන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සහ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් දින (04) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී කොලොන්නාව ප්‍රාදේශීය කොට්ඨෘශය තුළ සිදුවන අනවසර ගොඩකිරීම් සහ නිතිවිරෝධි වැලි සේදීම සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත් කමිටු වාර්තාවේ නිර්දේශයන් කඩිනමින් ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය ඊළග කමිටු රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිළධාරින්ට උපදෙස් ලබා දුන්නාය.
ඒ වගේම කොලොන්නාව නගරය ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමේදී ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරමින් එම වැඩපිළිවෙළ පිළිබඳව ඔවුන්ගේද සහාය ඇතිව සිදුකිරීම වැදගත් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යතුමිය ඒ සඳහා ජනතා සංවාදයක් ඇතිකිරිමට විශේෂ අවධානයක් යොමු කළයුතු බව වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
මේ වනවිට ක්‍රියාත්මක වන ආපදා කමිටු මූලික කරගනිමින් තවදුරටත් එම කමිටු වල ව්‍යූහයන් වැඩිදියුණු කරගනිමින් විධිමත් ආපදා කමිටු ප්‍රමාණයක් සැලසුම් කරගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මේ සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියන් දෙපළ, ක්‍රම සම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමා , නුගේගොඩ කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරිතුමා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය,කොලොන්නාව නගර සභාව, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යයස්ථානය, විදුලි බල අමාත්‍යාංශය, ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිළධාරින් සහභාගි විය.




























