“ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහනට සමගාමීව 2025 නව වසර රාජකාරි කටයුතු ආරම්භ කිරිම කොළඹ දිස්ත්‍රික් ලේකම් ලේකම්/දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) දින සිදුකෙරිණ.
මෙහිදී 2025 වර්ෂයට සෙත් පැතීම සහ පසුගිය මාසයේ හදිසියේ අප අතරින් වෙන්ව ගිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර වෙදගේ මහතාට පිං අනුමෝදනා සිදුකිරීම යන අරමුණින් තුන්වරු පිරිත් දේශනාවක් සහ ස්වාමීන්වහන්සේලා 15 නමක් සහ ගර්භණි මාතාවන් දහදෙනෙක් උදෙසා දහවල් දානය පිරි නැමීමද සිදුවිය.
පිරිත් දේශනාව සහ දහවල් දානය සඳහා කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හා තිඹිරිගස්යාය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති කොළම විශ්ව විද්‍යාලයේ කුලපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින වහන්සේ, ගිහි පිරිස පංච ශීලයේ පිහිටුවීම හෝමාගම හේවාගම්කෝරළේ ශාසනාරක්ෂක මන්ඩලයේ ගරු සභාපති අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධයාපන අධ්‍යක්ෂක කළ්‍යාණී සාමාග්‍රීය මහා සංඝ සභාවේ හේවාගම්කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි නායක ස්වාමීන් වහන්සේ, කොළඹ 05 කාලිංග මාවතේ රතන අරම මහා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර ම්‍රම්මවංශාභිධජ සිරි සද්ධම්ම යුක්තික පාර්ශවයේ අනු නායක ශ්‍රාස්ත්‍රපති අධයාපන පූජ්‍ය නරවැල්පිට රතනපාල අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහනසේලා විසින් සිදුකරන ලදී.
මේ සඳහා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම කාර්යමණ්ඩලය, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ කාර්යමණ්ඩලය, තිඹිරිගස්යාය ප්‍රා.ලේකම් කාර්ය මණ්ඩලය, ජාතික මැතිවරණ සේවා කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රමුඛ සාමාජිකයන් සහ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යමණ්ඩලයේ නිළධාරී මහත්ම මහත්මීන් සහභාගි විය.










































