කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක ප්‍රාදේශීය ළමා සභාවන්හී නිලධාරින්ගෙන් සැදුම්ලත් කොළඹ දිස්ත්‍රික් ළමා සභා රැස්වීම පසුගිය දින (19) අතිරෙික දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මිය ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 9 වන මහළ ශ්‍රවණාගාරයේදී පැවැත්වීණ.
ඊට සමගාමීව දරුවන් සඳහා ආපදා පෙර සුදානම ප්‍රතිචාරය සහ යළි යථා තත්ත්වයට පත්වීම තුළින් ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ කුසලතා වැඩි දියුණු කිරීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී. ඒ සඳහා සම්පත් දායකත්වය සැපයීම සර්වෝදය මුලස්ථානයේ විමර්ශන නිලධාරී ගීත්මි වනිගසුරිය මිය හා කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය කළමනාකාර හිරුන පසන්ප්‍රිය මහතා විසින් සිදු කළ අතර වැඩසටහන සඳහා දරුවන් ළමා සමාජ පහසුකරුවන් හා කොළඹ දිස්ත්‍රික්කයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් 66 දෙනෙකු සහභාගී වුහ.

























