මැතිවරණ දින ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ මැතිවරණ කාලසීමාව තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ආරක්ෂක විිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පසුගිය 11 වන දින දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
කොළඹ දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා, කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමා සහ මැතිවරණ විෂයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් ඇතුළු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර සහ රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ , ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ලලිත් ගමගේ යන මහත්වරුන් සහ ලේකම් කාර්යාලයේ අනෙකුත් ප්‍රධානින් සහභාගී වූහ.


























