පාර්ලිමේන්තු මහමැතිවරණය 2024 සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද පත්‍රිකා බෙදාහැරීම අද (25) දින උදෑසන සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය සහිතව මෙම ජන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා, රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා සහ කොළඹ තැපැල් අධිකාරි චම්පික පෙරේරා මහතා ඇතුළු සියලුම සහකාර තේරීම්භාර නිළධාරින් සහ කාර්යමණ්ඩලය විසින් ජන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදුකරයි.
දිස්ත්‍රික් තේරීම්හාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාව.






















