කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා ජංගම පුස්තකාලයක් ගෙන්වා පොත් පරිහරණය කිරීම සඳහා අවස්ථාව සලසාදීමේ වැඩසටහනේ පළමු දිනය කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ සේනක සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (17) පැවැත්විණි.කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා ජංගම පුස්තකාලයක් ගෙන්වා පොත් පරිහරණය කිරීම සඳහා අවස්ථාව සලසාදීමේ වැඩසටහනේ පළමු දිනය කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ සේනක සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (17) පැවැත්විණි.
නිලධාරිගේ මානසික සුවතාවය නගාසිටුවම, දැණුම වර්ධනය කරගැනීමට අවස්ථාව සලසාදීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. කොළඹ මහජන පුස්තකාලයට අයත් ජංගම පුස්තකාල රථයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත සතියකට දිනක් පැමිණ මෙම සේවාව ලබා දීමට නියමිතය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමය මඟින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරන ලද අතර මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවිය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -





















