කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී 07/11 දින පවත්වන ලදී. ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප් උඳුගොඩ මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, පසුගිය සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගැනුණු යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල් වල ඩෙස් හා පුටු අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය, ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, දිස්ත්‍රික්කය තුල ඩෙංගු රෝග ව්‍යාප්තිය හා එහි වර්තමාන තත්වය, කොළඹ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක සමෘද්ධි වැඩසටහන් ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මඟින් වැඩසටහන සම්බන්ධීකරණය කල අතර කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා වැඩසටහන මෙහෙයවනු ලැබිය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවිය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -