බේරේ වැවේ ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යාංශය, කොළඹ මහා නගර සභාව යන ආයතන එක්ව සාකච්ඡා ආරම්භ කර ඇත.
ඒ අනුව බේරේ වැව සංචාරක කලාපයක් බවට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව හොයා බැලීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජි. විජේසිරි මහතා අද(09) දින නිරීක්ෂණ චාරිකාවක යෙදුනි. එහිදී සංචාරක කලාපයක් බවට පත්කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, වැව් ඉවුර සංරක්ෂණය කිරීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමුවිය.
මෙම නිරීක්ෂණ චාරිකාවට කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, කොළඹ අතිරේක දිස්ත්‍රික් කාංචනා ගුණවර්ධන, බස්නාහිර පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ සභාපති සුගත් හේවා පතිරණ, කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක පී සිල්වා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -























