කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය පිලිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දී අද (16) පැවැත්විණි.
"රටේ කිසිඳු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුයි" යන්න අරමුණු කරගනිමින් රජය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ප්‍රාදේශීය ඒකාබද්ධ යාන්ත්‍රන කමිටු හා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර පිහිටුවා ගනිමින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්, ආගමික නායකයින්, දේශපාලනඥයින් යන සියලුම අංශයන්හි සහභාගිත්වයෙන් පුළුල් වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජීවන උපාය අහිමි වූ ව්‍යාපාරිකයින්, ස්වයං රැකියා අහිමි වුවන්, කොවිඩ් 19 නිසා රැකියා අහිමිවුවන්, පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතාවයන්, යන ගැටළු පිලිබඳව මෙහිදී සාකච්ඡා කල අතර ආහාර අර්බුදයට මුහුණදීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ කලින් ක්‍රියාත්මක කල කොලොන්තොට වගා සංග්‍රාමයේ සාර්ථකත්වය පිලිබදවත් පැහැදිලි කළේය.
සත්ව පාලනය, මිරිදිය මසුන් වගාව, ධීවර කර්මාන්තය යන අංශ නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
රටේ වත්මන් ආර්ථික පසුබෑම හමුවේ ඉහළ ජනගහනයක් සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වඩාත් අසරණව සිටින බවත් එම ජනතාවට සරණක් වීම සඳහා මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සියලුම නිලධාරීන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් දිසාපතිතුමන් සදහන් කළේය.
මෙය එක් ක්ෂේත්රයක් මත පමණක් නොව කෘෂි කාර්මික ක්ෂේත්රය මුලික කරගනිමින් ආර්ථික, සමාජ, සංස්කෘතික යන සියලු පැතිකඩයන් ඔස්සේ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම වැදගත් බවද එහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ සේනක සිල්වා, කෘෂිකාර්මික අධ්යක්ෂ එස්.එම් නාගහවත්ත, මහාචාර්ය සිරිමෙවන් වෛද්‍යසේකර මහතා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂතුමන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමියන්, වාරිමාර්ග අධ්‍යක්ෂක, කොළඹ ප්‍රාදේශීය ලේකම් වරුන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |


























