மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 2කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය පිලිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දී අද (16) පැවැත්විණි.

"රටේ කිසිඳු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුයි" යන්න අරමුණු කරගනිමින් රජය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ප්‍රාදේශීය ඒකාබද්ධ යාන්ත්‍රන කමිටු හා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර පිහිටුවා ගනිමින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්, ආගමික නායකයින්, දේශපාල​නඥයින් යන සියලුම අංශයන්හි සහභාගිත්වයෙන් පුළුල් වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.


ජීවන උපාය අහිමි වූ ව්‍යාපාරිකයින්, ස්වයං රැකියා අහිමි වුවන්, කොවිඩ් 19 නිසා රැකියා අහිමිවුවන්, පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතාවයන්, යන ගැටළු පිලිබඳව මෙහිදී සාකච්ඡා කල අතර ආහාර අර්බුදයට මුහුණදීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ කලින් ක්‍රියාත්මක කල කොලොන්තොට වගා සංග්‍රාමයේ සාර්ථකත්වය පිලිබදවත් පැහැදිලි කළේය.


සත්ව පාලනය, මිරිදිය මසුන් වගාව, ධීවර කර්මාන්තය යන අංශ නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

රටේ වත්මන් ආර්ථික පසුබෑම හමුවේ ඉහළ ජනගහනයක් සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වඩාත් අසරණව සිටින බවත් එම ජනතාවට සරණක් වීම සඳහා මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සියලුම නිලධාරීන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් දිසාපතිතුමන් සදහන් කළේය.

මෙය එක් ක්ෂේත්‍රයක් මත පමණක් නොව කෘෂි කාර්මික ක්ෂේත්‍රය මුලික කරගනිමින් ආර්ථික, සමාජ, සංස්කෘතික යන සියලු පැතිකඩයන් ඔස්සේ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම වැදගත් බවද එහිදී අවධාරණය කෙරිණි.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත, මහාචාර්‍ය සිරිමෙවන් වෛද්‍යසේකර මහතා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියන්, වාරිමාර්ග අධ්‍යක්ෂක, කොළඹ ප්‍රාදේශීය ලේකම් වරුන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 6   WhatsApp Image 2022 09 20 at 10.20.02 AM   WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 5
         
WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 1   WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 3   WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 2