පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්රණයකින් ක්‍රියාත්මක විය.
මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, වැලැක්වීමේ ප්රචාරක කටයුතු සිදු කිරීම, බැනර් ප්‍රදර්ශනය කිරීම, දිරාපත් වන සහ නොවන කසළ වර් ගීකරණය කර කළමනාකරණය කිරීම,ජලය රැඳෙන භාජන ඒකරාශි කිරීම හා ඉවත් කිරීම,ශ්‍රමදාන පැවැත්වීම ඇතුළුව සියලුම වැඩසටහන් 2026 ජූනි 15,16,17,18,19,20, 21 යන දින වලදී පැවැත්විණි.
පාදුක්ක නගරය පවිත්‍ර කිරීම,පාදුක්ක නගරයේ සිට මාර්ගවල කාණු පවිත්‍ර කිරීම සහ නිවාස සහ ආයතන පරීක්ෂාව, පාදුක්ක නගරයේ සිට පාදුක්ක හොරණ මාර්ගය, පාදුක්ක නගරයේ සිට ඉංගිරිය මාර්ගය, පාදුක්ක නගරයේ සිට හංවැල්ල මාර්ගය, පාදුක්ක නගරයේ සිට කොළඹ මාර්ගය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොදු ස්ථාන සහ සුසාන භූමි පරීක්ෂාව, පාසල් සහ සියලු අධ්‍යාපන ආයතන පරීක්ෂාව, පාසල් සහ සියලු අධ්‍යාපන ආයතන පරීක්ෂාව, රාජ්‍ය ආයතන පරීක්ෂාව , කොට්ඨාසයේ 462 පෝරෙ ගෙදර සහ 461 බී උඩුමුල්ල නිවාස පරීක්ෂාව සිදුකරන ලදී.
මේ සඳහා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච් අශානි නිරංගා පියසුමන මහත්මිය ප්‍රධාන සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී.ශිරෝමි රත්නායක යන මහත්මින්, ක්ෂෙත්ර නිලධාරින් ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,කාර්යාලගත කාර්ය මණ්ඩල නිලධාරීන්, ශ්‍රි ලංකා යුධ හමුදාව, ශ්‍රි ලංකා පොලීසිය, පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, සීතාවක ප්‍රාදේශීය සභාව ,මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි නිලධාරීන් ඇතුළු ප්‍රජාව මේ සඳහා සහභාගී විය.


























