කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ කසළ කළමනාකරණය පිළිබඳව විශේෂ අනුකමිටු රැස්වීම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර, හනී‌ෆ් යුසුෆ් මහතාගේ හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේ සම සභාපතිත්වයෙන්, සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ සහභාගීත්වයෙන් අද (06) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හත්වන මහළ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ කසළ බැහැර කිරීමට නිශ්චිතවුත් ස්ථීරසාරවූත් විසඳුමක් අදාළ ආයතන සම්බන්ධීකරණයන් ලබා ගැනීමේ අරමුණින් කසළ කළමනාකරණය පිළිබඳව විශේෂ අනු කමිටු රැස්වීමේ පළමු සාකච්ජාව පසුගිය මාසයේ 23 වන දින පැවැති අතර එහිදී ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ඇතුළු දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් කසළ කළමනාකරණය සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට තිරණය විය. එහි ප්‍රගතිය සහ බොල්ගොඩ ගග ආශ්‍රිතව කසළ කලමනාකරණය සම්බන්ධ ගැටලුව, කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉඩම් හඳුනා ගැනීම හා ගංවතුර පාලනය සඳහා අඩුආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකිරීමට නියමිත මහල් නිවාස සංකීර්ණය සම්බන්ධ ගැටලුව, මහරගම පමුණුව ඇඟලුම් ව්‍යාපාරිකයන් (උදෑසන වෙළදාමේ නිරත ව්‍යාපාරිකයන්) වෙනත් ස්ථානයක් වෙත යොමු කිරීම සම්බන්ධ ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණ.

මෙම රැස්වීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මිය, කොළඹ මහනගර සභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය, කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු මහතා, මහරගම නගරාධිපතිතුමා, බොරලැස්ගමුව ප්‍රාදේශීය සභාපතිතුමා, දෙහිවල නගරාධිපතිතුමා ඇතුළු පළාත් පාලන මහජන නියෝජිතයන්, පරිසර අමාත්‍යංශය, නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව,පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රි ලංකා ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, පරිසර ආරක්ෂණ කොට්ඨාසය, පළාත් පාලන සහකාර කොමසාරිස්, Western Power ආයතනය යන ආයතන ප්‍රධානින් සහ, බස්නාහිර පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කාංචනා ගුණවර්ධන මහත්මිය, දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාලනි සුබසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ගයාත්‍රී බෝපිටිය මහත්මිය සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

ga