කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම එක්ව සංවිධානය කරන ලද "බුද්ධිමය දේපළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන " අද (07) දින පස්වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය 1 වන මහල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

පේටන්ට් බලපත්‍ර, ප්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු සහ කාර්මික සැලසුම් ඇතුළු බුද්ධිමය දේපළවල විවිධ අංශ පිළිබඳව බස්නාහිර පළාත් ව්‍යවසායකයින් සහ බස්නාහිර පළාත් NEDA නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ NIRDC ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත සෙනරත් යාපා මහතා විසින් ලබාදෙන ලදී.

ඒ අනුව බුද්ධිමය දේපළ හැඳින්වීම යන තේමාව යටතේ පේටන්ට් බලපත්‍ර, ප්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු සහ කාර්මික සැලසුම් අවබෝධ කර ගැනීම පිළිබඳව පිරිස දැනුවත් කළ අතර ව්‍යවසායකයින් සඳහා IP හි වැදගත්කම යටතේ IP ආරක්ෂාව ව්‍යාපාර වර්ධනය සහ තරඟකාරිත්වය වැඩි දියුණු කරන ආකාරය පිළිබඳව කරුණු සාකච්ඡා කළේය

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිළිබඳ නීතිමය අංශ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඒ යටතේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලීන් සහ බලාත්මක කිරීම පිළිබඳ දළ විශ්ලේෂණක් සිදුකළේය. ඒ වගේම IP දැනුවත් කිරීම සහ සහාය සඳහා NEDA හි කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කළ අතර NEDA නිලධාරීන්ට ඔවුන්ගේ නවෝත්පාදන ආරක්ෂා කර ගැනීම සඳහා ව්‍යවසායකයින්ට සහාය විය හැකි ආකාරය යන පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරිණ.

ඉන් අනතුරුව අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සහ ජාලකරණ සැසිය යටතේ කර්මාන්ත විශේෂඥයින් සහ සම්පත් කාර්ය මණ්ඩලය සමඟ විවෘත සාකච්ඡාවක්ද පවත්වන ලදී.

අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මියගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්.මොහොමඩ් නමාමි මහතා,ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය විරංජ කරුණාරත්න මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානින්, බස්නාහිර පළාත් ව්‍යවසායකයින් හා බස්නාහිර පළාත් NEDA නිලධාරීන් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga