සුබසාධන ප්රතිලාභ අයදුම්කරුවන්ගේ ක්ෂේත්‍ර තොරතුරු ලබා ගැනීමට අදාළ සංගණන පුහුණු වැඩමුළුවේ 2වන අදියර යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති සංඛ්‍යාලේඛන ක්ෂේත්‍ර නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ප්‍රජීව හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.12.29 දින දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේදී පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් පුහුණුකරුවන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැති මෙම පුහුණු වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 නියෝජනය කරමින් සංඛ්‍යාලේඛන නිළධාරින්, දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ මූලස්ථාන සංඛ්‍යාලේඛන නිලධාරින් ඇතුළු කාර්යාල නිළධාරින් සහභාගි විය.









