දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන හෝම් ස්කූලින් සංකල්පය යටතේ ළමුන් පාසල් නොයවා නිවසේ සිට ඉගැන්වීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම, අඩු වයස් ළමුන් ගැබ් ගැනීම් පිළිබඳව දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරිම, කලාප මට්ටමේ අනිවාර්යය අධ්‍යාපන කමිටු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම, මාසිකව පැවැත්වෙන කලාප විදුහල්පති රැස්වීමට ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින්ට සහභාගී වීමේ යාන්ත්‍රණය විධීමත් කිරීම, අධ්‍යාපන ක්ෂත්රයේ කලාප මට්ටමේ පවතින ගැටළු හඳුනා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණ.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂ (නොවිධිමත්), පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්යක්ෂ, නුගේගොඩ, මරදාන, කොළඹ උතුර පොලිස් හා කාන්තා කාර්යාංශවල පොලිස් ස්ථානාධිපතිවරුන්, දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධනය නිළධාරි, ස්ථානභාර පරිපාලන නිළධාරි (බත්තරමුල්ල), කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින්, ළමා ආරක්ෂක නිළධාරින්, මුල් ළමාවිය සංවර්ධන සහකාරවරුන්, පරිවාස නිළධාරින්, කම්කරු නිළධාරින් සහභාගි විය.








