ජන්ද ගණන්කිරීමේ මධ්‍යයස්ථානවල සහකාර තේරීම් භාර නිලධාරින් සඳහා පුහුණු වැඩමුළු 03ක් අද (28) දින උදෑසන සහ සවස් වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ සහ නව වන මහළ කුඩා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඒ.සේනානායක මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ මනෝජ් අමරසිංහ මහතාද එක්ව සිටියේය.
මෙම වැඩසටහන සඳහා සහකාර තේරීම්හාර නිළධාරින් අටසියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.












