අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පොළීරහිත සිසු ණය යෝජනා ක්‍රමය සිසුන් අතර ප්‍රචලිත කිරිමේ අරමුණින් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී 2024.10.19 වන දින දවසපුරා පැවත්විණ.
ජාතික විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේ z- score පටිපාටිය යටතේ සුදුසුකම් නොලබන සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමේ ප්‍රමුඛතම අරමුණින් රජය විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි. උසස්පෙළට පෙනී සිටින විෂයන් තුනම සමත් සහ සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සමත්ව පොදු පරීක්ෂණය සඳහා ලකුණු 30 ක් ලබාගත් සිසුන් මේ සඳහා සුදුසුකම් ලබන අතර මෙම ණය ක්‍රමය වර්තමානයේ දී ලංකා බැංකුව සහ මහජන බැංකුව යටතේ ක්‍රියාත්මක වේ.
ඒ අනුව, 2020/ 2021/2022 හා 2023 යන වසරවල අ.පො.ස.උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 350 ට ආසන්න පිරිසක් මෙදින වැඩසටහන සඳහා සහභාගි වූ අතර උසස් අධ්‍යාපන ආයතන (පෞද්ගලික) 14ක් සහ නිපුණතා සංවර්ධන ආයතන 06ක් සම්පත් දායකත්වය ලබාදුන්නේය.
කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ මඟපෙන්වීම හා උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් කේ.එම්.කෞෂල්‍යයා කුමාරි, තිඹිරිගස් යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්යාංඅමාත්යාංශයේ ශිෂ්‍ය ණය අංශයේ අතිරේක ලේකම් චන්දිමා ජානකී මහත්මිය ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් සහභාගි වූහ.
මේ පිළිබඳව වැඩිවිස්තර www.studentloans.mohe.gov.lk මගින් ලබා ගැනීමට පුළුවන.












