පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024 සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කමිටු රැස්වීම අද (16) වන දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මැතිවරණය කාර්යයන් සිදුකිරීම සඳහා මැතිවරණ ආරවුල් කමිටුව, කාර්යමණ්ඩල පත්කිරිම් කමිටුව, තැපැල් ජන්ද කමිටුව, ගබඩා කමිටුව, සුබ සාධක කමිටුව, ප්‍රවාහන කමිටුව, ශාලා පහසුකම් හා අත්‍යාවශ්‍ය සේවා කමිටුව, නියෝජිත අවසරපත් සහ නවාතැන් කමිටුව, පක්ෂ කාර්යාල කමිටුව නමින් කමිටු දහයක් පත් කර තිබෙන අතර එම කමිටු සඳහා අවශ්‍ය උපදෙස් හා ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

මේ සඳහා එම කමිටු දහය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින් සහභාගි වූහ.

ga

ga

ga