කොළඹ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප් උඳුගොඩ මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ. ජි. විජේසිරි මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි 10 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශාවණාගාරයේ දී පැවැත්විණි.
පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
මෙහි දී මෙම වර්ෂය තුළ විමධ්‍යගත අයවැය වැඩසටහන දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය හා වැඩසටහනට අදාළ රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 419640874 689551326692360 41192127688422606 n 419714548 689550876692405 3862839232323471986 n 419712426 689550810025745 7284445838140627608 n
419715340 689551063359053 8361605527390521465 n 419754649 689550926692400 314709119957669834 n 419757027 689551036692389 2594171017168059810 n 419800208 689551100025716 4833485798947709499 n 419865213 689551600025666 2720259889576379087 n 419958799 689550903359069 5800968721354053717 n