2023 වර්ෂය සිව්වන කාර්තුව සදහා වන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා රවණාගාරයේදී ඊයේ (22) පැවැත්විණි.
 
ඒ දිස්ත්රික් ලේකම් කාර්යාලය ප්රධාන ගණකාධිකාරී ජී. ජයවීර, කළ. විග. දෙපාර්තමේන්තුව අතිරේක අධ්යක්ෂ ජනරාල් චම්පිකා පතිරණ, ස්වදේශ කටයුතු අංශය ප්රධාන අභ්යන්තර විගණක එස්.ඒ.එන්.ආර් සුබසිංහ, ජාතික විග. උප කාර්යාලය ජ්යෙෂ්ඨ සහකාර විගණකාධිපති ආර්.පී හෙට්ටිආරච්චි, ජාතික විගණන කාර්යාලය විගණන අධිකාරී ඩබ්.ඒ.පී.එස් ෆොන්සේකා, දිස්ත්රික් ලේකම් කාර්යාලය ප්රධාන අභ්යන්තර විගණක පී.කේ.ඩි.එම් ගුණසේන යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙනි.
 
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්ය ඒකකය -
 
aDT3 aDT2 aDT4
 
aDT1 aDT5 aDT6