කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් ලෙස කේ. එන්. කෞශල්‍යා කුමාරි මහත්මිය තම වැඩ බාරගැනීම අද(17) දින සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය. මෙම ධුරයට පත් වීමට පෙරාතුව ඇය මාතර ප්‍රාදේශීය ලේකම් ධුරය දැරුවේ ය.
කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් ලෙස කටයුතු කළ සම්පත් ඉඩම්ගොඩගේ මහතා ස්ථානමාරු ලබාගැනීමෙන් පසු කේ. එන්. කෞශල්‍යා කුමාරි මහත්මිය මෙම තනතුරට පත්කරන ලදි. කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක වන කෞශල්‍යා මහත්මිය, විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳව ද හදාරා 2002 වසරේ දී නීතිඥවරියක ලෙස දිවුරුම් දුන්නාය.
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී කලමණාකරණ රාජ්‍ය උපාධිය ද රුහුණ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද කෞශල්‍යා මහත්මිය විසින් ලබා ගෙන තිබේ.1996 වසරේ රාජ්‍ය සේවයට එක්වු කෞශල්‍යා මහත්මිය රාජ්‍ය සේවයේ වසර 27 කට ආසන්න අත්දැකීම් බහුල දක්ෂ රාජ්‍ය නිලධාරිනියකි. 2006 වසරේ විවෘත කණ්ඩායම් විභාගයෙන් පරිපාලන සේවයට එක්වන කෞශල්‍යා මහත්මිය භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකාවක ලෙස පරිපාලන සේවයේ පළමු පත්වීම ලැබුවාය.
ඉන් අනතුරුව කිරින්ද පුහුල්වැල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය, පස්ගොඩ, මුලටියන හා මාතර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස සේවය කරමින් සිටියදී තම කළමනාකරණ දක්ෂතාව පෙන්නුම් කිරීම හේතුවෙන් ඉතා කෙටි කලක් තුල අතිරේක දිස්ත්‍රික් ලේකම් ධුරයට පත්වීමට තරම් වාසනාවන්ත වූවාය. කෞශල්‍යා මහත්මියගේ පියා කඹුරුපිටියේ වතු අධිකාරීවරයෙකු වන අතර මව විදුහල්පතිනියකි.







