කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී...
කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී අද (14) පැවැත්විණි.
දේශගුණික අවබලපෑම් අවමකිරීමේ බහු අදියර වැඩසටහන, නොමිලේ කුකුළු පැටවුන් ලබාදීමේ වැඩසටහන, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන - 2021, විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන - 2023, පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඇස් පරික්ෂා කිරීමේ වැඩසටහන, ව්‍යවසායකයින් බල ගැන්වීමේ වැඩසටහන ආදී කොළඹ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කෙරෙන විවිධ වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මඟින් වැඩසටහන මෙහෙයවනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ සේනක සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -





