ප්රාදේශීය ලේකම් කාර්යාල නීරීක්ෂණ වැඩසටහන යටතේ අද (04) දින හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ කටයුතු රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ දිස්ත්රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්රසන්න ජනක කුමාර මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.
මෙහිදී රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා සහ කොළඹ දිස්ත්රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්රසන්න ජනක කුමාර මහතා විසින් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු අංශයන්හි නිරීක්ෂණ කටයුතු සිදුකළ අතර එක් එක් අංශයන්හි කාර්යභාරය පිළිබඳව වෙන්වෙන්ව පරීක්ෂා කිරීම මාණ්ඩලික නිළධාරින් විසින් සිදුකරන ලදී.
ඒ අනුව කාර්යාලයේ ආයතන අංශය එම් .ඒ .එස් කාන්චනා ගුණවර්ධන මිය (අතිරේක දිස්ත්රික් ලේකම් පාලන) සහ අසංකා කෝට්ටගේ මිය (පරිපාලන නිළධාරි), ඉඩම් අංශය සම්පත් ඉඩම්ගොඩගේ මයා ( ප්රාදේශීය ලේකම් කඩුවෙල ), ගිණුම් අංශය සංජීව වීරතුංග මයා ( ගණකාධිකාරි මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය) සහ මධුසංකා ප්රනාන්දු මිය ( ගණකාධිකාරි රත්මලාන ප්රාදේශීය ලේකම් කාර්යාලය), සමෘද්ධි අංශය අශෝක කුමාර මයා (දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂක), සැලසුම් අංශය සුජිත් බණ්ඩාර මයා ( අධ්යක්ෂ ක්රමසම්පාදන) සහ ගයාත්රි බෝපිටිය මහත්මිය (සහකාර අධ්යක්ෂ ක්රමසම්පාදන ), සමාජ සේවා අංශය මධූෂා ආර් .වීරක්කොඩි මිය ( ප්රාදේශීය ලේකම් සිතාවක ), ක්ෂේත්ර නිලධාරි අංශය සහ හැදුනුම්පත් අංශය දිල්රුක්ෂි වල්පොල මිය ( ප්රාදේශීය ලේකම් රත්මලාන , විශ්රාම වැටුප් අංශය ඩී. එම්. ගුණසේන මයා (ප්රධාන අභ්යන්තර විගණක), පරිගනක පද්ධති පරීක්ෂාව සහ රෙජිස්ට්රාර් අංශය මධූෂා ආර් වීරක්කොඩි මිය (ප්රාදේශීය ලේකම් සීතාවක ), අමිල සුරේෂ් පරාක්රම මයා ( සහකාර දිස්ත්රික් ලේකම් ) සහ අමානි වික්රමනායක මෙනවිය (තොරතුරු තාක්ෂණ නිලධාරි), වාහන බලපත්ර අංශය ඉසංකා උඩවත්ත මිය (ප්රාදේශීය ලේකම් කැස්බෑව ) යන නිළධාරින් විසින් එක් එක් අංශයන්හි ලිපිගොනු සහ පරිශ්රයන් නිරීක්ෂණ කටයුතු සිදුකරන ලදී .
මෙහිදී රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා සහ කොළඹ දිස්ත්රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්රසන්න ජනක කුමාර මහතා විසින් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු අංශයන්හි නිරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව කාර්යාලයේ නිලධාරින් ආමන්ත්රණය කරමින් රාජකාරි කටයුතු කරගෙන යාමට අවශ්ය උපදෙස් හා මගපෙන්වීම ලබාදුන් අතර නිලධාරින් විසින් ලබාගත් නිරීක්ෂණයන් අනුව එක් එක් අංශයන්හි කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගත යුතු ආකාරය පිළිබඳව අතිරේක දිස්ත්රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය විසින් හෝමාගම ප්රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා ඇතුළුව කාර්යාලයේ අංශ ප්රධානීන් සමග කරුණු සාකච්ඡා කිරීමද සිදුකෙරිණ.
මෙම අවස්ථාවට රාජ්ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ ඉංජිනේරු අංශ ප්රධානී ඇතුළු නිලධාරින් සහ හෝමාගම ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්රාදේශීය ලේකම් චමිල් ඩී තේනුවර මහතා, නියෝජ්ය අධ්යක්ෂ (ක්රමසම්පාදන) නිලංකා එස් සම්පත් මිය, ගණකාධිකාරි පුබුදු ආර් කුරුප්පුඅච්චිගේ මහතා ඇතුළු කාර්යාලයේ සියලුම නිලධාරින් සහභාගි විය.























