නත්තල් දිනට සමගාමිව සංවිධානය කල නත්තල් දින සැමරුම් උත්සවයක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ .ජී. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දකුණු කොළඹ කලාපීය නාහිමිපාණන් සහ වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් දෙව්මැදුරේ මීසම් සේවක පුජ්‍ය නිහාල් අයිවන් පෙරේරා පියතුමන් වහන්සේගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද(22) පැවැත්වුණි.
නත්තල් අසිරිය නංවමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් විසින් කැරෝල් ගී ගායනා රැසක් මෙහිදී ඉදිරිපත් කළේය. පාසැල් දරුවන් සදහා පොත් බෙදා දීමක් ද එයට සමගාමිව සිදුකෙරිණි.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.එන්.කෞශල්‍යා කුමාරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ, සහකාර දිස්ත්‍රික් ලේකම් එස්.ඒ. නදීෂා දර්ශනී, අධ්යක්ෂ (සැලසුම්) කේ.ජී.එච්. සේනක පී සිල්වා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවිය.
වැඩසටහන සංවිධානය කලේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මගිනි.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -






